Monday, 16 November 2020

CSS Web-design වීඩියෝ මාලාව

වෙබ් ඩිසයින් වලදී වෙබ් පිටු අලංකාර කරගන්නා ආකාරය පිළිබඳව මුල සිට සරලව කියාදෙන වීඩියෝ මාලාව නැරඹීමට ඔබත් එන්න. A\Level කරන අයට තමයි මුල වීඩියෝ ටික බේසික් විදිහට කරන්නෙ. ඒ ටික ඉවර උන ගමන් ඇඩ්වාන්ස් ටික පටන් ගන්නව. පහල තියෙන ලින්ක් එකෙන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.

Channel Link: https://www.youtube.com/channel/UC4t5bk7GvxR-ilwvK1hrjqA

චූබරචූබරචූබරචූබර

Sunday, 18 October 2020

Google සර්ච් රිිසාල්ට් ගාන බොරුවක්

ඔයා ගූග්ල් එකේ මොනවහරි සර්ච් කරහම [About 3,000,000,000 results (0.54 seconds)] වගෙ ලොකු රිසාල්ට් ගානක් තියෙනව කියල පෙන්නනවනෙ. සමහර වෙලාවට මේක කියව ගන්නත් බැරි තරම් ලොකු ගානක්. හැබැයි මේකෙ පිටුවෙ යටටම ගිහිං අන්තිම පිටුවට ගිහිං බැලුවම තියෙන්නෙ [Page 5 of about 215 results (0.60 seconds)] කියල(ගාන වෙනස් විය හැක). මේ අවසාන පිටුවෙ තියෙන ගාන තමා අපි සර්ච් කරපු එකට තියෙන ඇත්තම වෙබ් පිටු ගාන. ඇත්තටම මෙයාල මුලින් කියන ගාන ඒගොල්ලො ලග තියෙනව, ඒත් අපිට ගැලපෙනම ටික ෆිල්ටර් කරල තමා එවන්නෙ ලේසි වෙන්න.

ඉස්සරහට ජූටියුබ් චැනල් එකක් කරන්න හිතාන ඉන්නෙ

Tuesday, 13 October 2020

පෝන් එකක් පිටරටකින් ගෙන්න ගන්නම ඔිනිද? ලාබයිනේ...

ඊබේ, අලිඑක්ස්ප්‍රස් වගෙ සයිට් එකකින් පෝන් එකක් ගෙන්න ගන්නකං නින්ද යන්නැති වගෙ සීන් එකක් තියෙනවද? බෙහෙත ඉතිං මක්කොල්ලහරි පෝන් එකක් ගෙන්න ගන්න එකම තමා. අන්ලොක් කරපු පෝන් කොච්චර ඒ වෙබ් සයිට් වල තිබුනත් ෆ්‍රී ෂිපිං තිබුනත් අපේ රටට ගෙන්නන්න හෙන අමාරුයිනෙ. ඔික ඉතින් කරගන්නනං පුලුවන්, ටික්කාක් මහන්සි වෙන්න වෙනව. මොකද අපි සෙලර්(පෝන් මුදලාලි) ව පොඩ්ඩක් කන්ටෑක්ට් කරගෙන එයාට කියන්න ඔිනි නිකං ඔය MP3 Player එකක්, Power Bank එකක් විදිහට පැක් කරලා එවන්න කියලා. සමහර පට්ට සෙලර්ස් ලා ඉන්නව දශම කාලක්වත් සැක හිතැන්නැති විදිහට භාණ්ඩෙ ගෙදරටම එන්න සලස්වනව. මේක 100% සාර්ථක වෙයිද කියන්න මම දන්නෙ නෑ, මම අන්තර්ජාලෙ දැකල තියෙනව ගොඩක් අය එහෙම ගෙන්නල තියෙනව. කෙලවෙච්ච අවස්ථාත් නැතුවම නෙවෙයි ඔිං ඈ. භාෂාව හරියටම දාල වැඩේ කරගන්න.

කෙලඋනොත් මං නෑ

Tuesday, 24 December 2019

ප්‍රවෘත්ති විකාශයක් අතරතුර අසභ්‍ය වීඩියෝවක් ප්ලේ උනාලු!

නිකමට හිතන්නකො නිවුස් චැනල් එකක ලයිව් නිවුස් කියන අක්කට පිටිපස්සෙ තියෙන ස්ක්‍රීන් එකේ අසභ්‍ය වීඩියෝවක් ප්ලේ උනා කියල. අන්න ඒ වගෙ සීන් එකක් තමයි වෙලා තියෙන්නෙ. අපේ රටේ නම් නෙමෙයි, මේක වෙලා තියෙන්නෙ ස්වීඩන් නිවුස් චැනල් එකක. නිවුස් කියන අක්කට පිටිපස්සෙ තියෙන කම්පියුටර් ස්ක්‍රීන්(මොනිටර්) එකක තමයි මේ වීඩියෝව ප්ලේ වෙලා තියෙන්නෙ. කොහොමහරි විනාඩි 10ක්ම මේක ප්ලේ වෙලා තියෙනව. පින්තූරෙ තියෙනවා පහල. ආපු කේන්තියට ඕක කරපු එකාව අල්ලල එල්ලල මරල රුපියල් දෙසීයක දඩේකුත් ගහල රස්සාවෙන් අස් කරන්නැති. කොහොමහරි 20%ක් වගෙ පිරිමි පාර්ශවය තමන් වැඩ කරන ස්ථානයෙ පරිගණක වලින් අසභ්‍ය වීඩියෝ බලනව කියල ඔන්නොය මොකද්ද මන්ද සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවලු.

Picture: Show

අපෙත් මෙහෙම වෙනවනං...

Wednesday, 24 July 2019

ළමුන්ටම සෑදූ මැසෙන්ජර් කිඩ්ස් - Messenger Kids

ඔන්න බබෝ බිල්ලා වෙන්නෙ නෑ දැං. මොකද සියලුම ළමුන්ට පාවිච්චි කරන්න පුලුවන් විදිහට ආරක්ෂිත ලෙස නිපදවපු මැසෙන්ජර් සේවයක් ෆේස්බුක් සමාගම විසින් කරගෙන යනව. ඒකෙ නම මැසෙන්ජර් කිඩ්ස්. මේකත් සාමාන්‍ය මැසෙන්ජර් ඇප් එක වගෙම ඇප් ස්ටෝර් හෝ ප්ලේ ස්ටෝර් වලින් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. දැනට මෙය ඇපල් අයි.ඕ.එස් සහ ගූග්ල් ඇන්ඩ්‍රොයිඩ් කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති සඳහා සහාය දක්වනව. මෙම ඇප් එකෙන් සිදු කරන සියලුම දේ දෙමාපියන්ට බලාගන්න පුලුවන් සහ එය දෙමාපියන්ට හැකි සේ පාලනය කරන්නත් පුලුවන්. මොකද දෙමාපියන්ගෙ මැසෙන්ජර් ඇප් එක සහ ළමයාගේ දුරකථනයට අදාල මැසෙන්ජර් කිඩ්ස් ඇප් එක සම්බන්ධ වෙලයි තියෙන්නෙ. මේ ඇප් එක හරහා සෙල්ෆි වලට ලස්සන ලස්සන වැඩ කෑලි එහෙමත් දාන්න පුලුවන් ලමයින් ගැලපෙන විදිහට. මෙයට අදාල සියලුම විස්තර සහ ඩවුන්ලෝඩ් කරගැනීම් https://messengerkids.com යන වෙබ් ලිපිනයෙන් ලබාගන්න පුලුවන්.

අපේ රටේ උං තාත්තලට දාල දෙයි කිඩ්ස් ඇප් එක!

Wednesday, 17 July 2019

HIV වලට බිය නොවී ඔවුන්ව කොන් නොකරන්නට

HIV ලෙඩේට හැමෝම බයයිනෙ, තියෙන අයත් නැති අයත්. කටකතාවක් තිබුනා ඉස්සර ඔය කුරුණෑගල පැත්තෙ ෆිල්ම් හෝල් වගයක සීට් වල කටු ගහල තිබුනලු ඇනෙන විදිහට. ඒව ඇනුනම මිනිස්සු ගලෝල බැලුහම ඒවයෙ ගහල තිබුනලු පොඩි කොල කෑල්ලක "Welcome to the AIDS club" වගෙ වදනක්. ඇත්තද නං දන්නෑ. කොහොම උනත් මං මේ කියන්න යන්නෙ HIV තිබෙන අයත් එක්ක කිසි ප්‍රශ්නයක් නැතිව එයාලට වෙනස්කමක් නොදැනෙන්න ජීවත් වෙන විදිහ සහ බෝවන ක්‍රම. අපි එයාලව වෙන් කරන්න නරකයි, මොකද මේව උපතින් හැදුන අයත් ඇති. ගොඩක් ඉස්සර මේ ලෙඩේ හැදුන මිනිස්සු ලඟටවත් යන්න අනෙත් අය බය උනාලු(අපේ වගේ රටවල්වලනං තාමත් ඒ වගෙ තමා). හැබැයි මේක හුළඟින් එහෙම බෝවෙන ලෙඩක් නෙමෙයි. මේක බෝවෙන්න පුලුවන් ක්‍රම ගත්තම ලිංගිකව එකතු වීම හෝ ලිංගික අවයවයකින් නිකුත් වන ශ්‍රාවයක්(ශුක්‍රාණු වැනි) ශරීරයට ඇතුලත් වීමෙන් බෝවෙන්න පුලුවන්. ලිංගිකිව එකතු වීමකදී කොන්ඩම් වැනි උපකරණයක් භාවිත කිරීමෙන් මෙය වළකා ගත හැකියි. මවකගෙන් දරුවාට බෝවන්නේ මවු කිරි මගින්, දරු උපතකින් හෝ පිළිසිඳගැනීම වැනි ක්‍රමවලින්. රෝගියෙකු භාවිතා කළ කටු වර්ග තවත් කෙනෙකු භාවිතා කිරීමෙන්ද බෝවෙයි(පච්ච කෙටීම සහ අනාරක්ෂිත මත්ද්‍රව්‍ය එන්නත් කිරීම වැනි). ලේ හුවමාරු කිරීමකින් අනිවාර්යයෙන්ම බෝවෙනව. බොනොවන ක්‍රම ගත්තම, කියන්න දේවල් බොහෝයි. ප්‍රධාන වශයෙන් අත් අල්ලන් ඇවිදීම, දහදිය, කඳුලු, මළපහ, මුත්‍රා, කෙළ වැනි දෑ වලින් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ධාරානිපාත කිස් එකක් එහෙම දුන්නය කියල මේක බෝවෙන්නෑ. එකම වැසිකිළිය භාවිත කිරීම, එකම පිඟන් කෝප්ප වල කෑව බිව්ව කියල බෝවෙන්නෙත් නෑ.

තව ඇඩ්වාන්ස් විදිහට ලිව්වොත් කුණුහරප ගොඩක් වෙනව මේක

Friday, 12 July 2019

වැඩ කර කර ඉද්දි Word, Excel Not responding උනාද? Save කලෙත් නැද්ද?

දැං සැපද? මාත් සමහර වෙලාවට ටයිප් කරද්දි එහෙම පිස්සෙක් වගෙ සේව් නොකර Word එකේ වැඩ කරනව. ඒ වෙලාවට නොට් රෙස්පොන්ඩිං ඇහිල්ල තියෙනව. එතකොට මං SB ව මතක් කරගෙන ෆයිල් එක Close කරල දානව. අවුලන්නෑ මයික්‍රොසොෆ්ට් ඔෆිස් වගෙ ලොකු සොෆ්ට්වෙයා වල ඔටෝ රිකවරි තියෙනව. අපි සේව් කලේ නැති උනාට ඔටෝ සේව් වෙනව. මේව තියෙන්නෙ හැබැයි Read only වෙලා. කියවන්න විතරයි පුලුවන්. හැබැයි එතනින් කොපි කරගන්න පුලුවන්. ඉස්සෙල්ලම "C:\Users\[username]\AppData\Roaming\Microsoft\Word\"[pic] කියන තැනට යන්න. එතන ඇති "AutoRecovery save of Document.asd" වගෙ නම් තියෙන ෆයිල් ලැයිස්තුවක් හරි එකක් හරි, නැතිම වෙන්නත් පුලුවන්(නැතිම උනොත් බඩුම තමා). දැන් අලුත් Word ඩොකියුමන්ට් එකක් විවෘත කරගන්න. එතනින් "File->Open" ගිහාම ඇති පොඩි බට්න් එකක් "Recover Unsaved Documents"[pic] කියල. ඒක ක්ලික් කරල අර මං කලිං කියපු තැනින් ෆයිල් ඕපන් කර කර බලන්න ඔයාට ඕනි ඩොකියුමන්ට් එක තියේද කියල(නැත්තං බඩු හොඳේ). දැං උවමනා ටික කොපි කරගෙන අලුත් ඩොකියුමන්ට් එකක් ඕපන් කරගෙන ඒකට Paste කරගන්න. මේ ක්‍රමය මයික්‍රොසොෆ්ට් ඔෆිස් එකේ ඕනිම සොෆ්ට්වෙයා එකකට වැඩ.

ප්‍රශ්නයක් ඇත්නම් විස-ඳුමක් ඇත, තනමල්විලින් නැග ආ දුමක් විය හැක...

Wednesday, 10 July 2019

ස්මාර්ට් ෆෝන් එක චාර්ජ් වෙනව ස්ලෝද?

සමහරක් විට බැටරියෙ කේස් එකක් වෙන්නත් පුලුවන්. ඒත් සීල් කරපු ෆෝන් වල එහෙම වෙනව සෑහෙන්න දුරට අඩුයි. ගොඩක් දුරට එන ප්‍රශ්නයක් තමයි මේ චාජර් සීන් එක. ෆෝන් එකට හම්බෙන ඔරිජිනල් චාජරේ මොකක්හරි උනහම අපි වෙන චාජරයක් ගන්නව. හැබැයි එහෙම ගන්නකොට දැනුවත් වෙන්ඩෝන යමක් තියෙනව. දැන් තියෙන ගොඩක් ස්මාර්ට් ෆෝන් වලට චාර්ජ් වෙන්න ටිකක් වැඩිපුර ඇම්පියර් ධාරිතාවක් ඕනි වෙනව. මේක දැනගන්න ඔයාගෙ ෆෝන් එකට අදාල ඇම්පියර් ගනන ගූග්ල් සර්ච් කරල හොයාගන්නත් පුලුවන්. නැත්නම් පරණ චාජරේ Output කියන පේලියෙ දාල තියෙන A ධාරිතාවය බලාගන්න. ඊට සමාන හරි පොඩ්ඩක් වැඩිපුර හරි තියෙන චාජරේකිං චාජ් කලොත් තමා ඉක්මනට චාජ් කරගන්න වෙන්නේ. අඩු ඇම්පියර් ධාරිතාවක් තියෙන චාජරයක් නම් වැඩේ කරගන්න සෑහෙන්න වෙලා යයි.

ඉබ්බට වෙඩි තිබ්බත් යන්නෙ හෙමින් වගෙ සමහර ෆෝන් හදන්නම බෑ

Saturday, 6 July 2019

අපි ටයිපින්(ApiTyping) - සිංහල ටයිප් සෙටින් කණ්ඩායම

සිංහල ටයිප් සෙටින් වැඩක් කරගන්න ගියොත් ඉතිං කොමියුනිකේෂන් වල එහෙම පට්ට ගනන් ගන්නවනෙ. අනික උංගෙ රෙස්පොට් එකත් බලන්නෙපෑ යහමිං. ඒකට විසඳුමක් දැං ඔන්න අන්තර්ජාලය හරහා කරගෙන යනව. දැනට ආරම්භක මට්ටමේ පවතින මෙම සේවය ගොඩක් අයට වැදගත් සේවයක් වෙයි ඉදිරියට. මෙයින් කෙරෙන්නේ සිංහල ටයිප් සෙටින් වැඩ. අයකරන මුදලත් පිටුවකට රුපියල් 40ක් වගෙ මුදලක්. සමහර විට පිටු ගණන වැඩි වෙන කොට ඩිස්කවුන්ට් එහෙමත් හම්බවෙයි. මෙහිදී ටයිප් කරගැනීමට අවශ්‍ය පිටු ටික ස්කෑන් කරල හරි පොටෝ විදිහට ගහල හරි Email හරහා ලබාදෙන්න පමණයි තියෙන්නේ. එයාල ටයිප් කරල ඉවරවෙලා දැනුම් දීමක් කරහම අදාල මුදල EasyCash හරහා ගෙවන්නයි තියෙන්නේ. ඊටපස්සෙ ටයිප් කල පිටු ටික ලබාගන්න පුලුවන්. හරිම සරලයි පහසුයි. පහල තිබෙන ලින්ක් හරහා ඔවුන්ව සම්බන්ධ කරගත හැකියි.

Website: http://apityping.1apps.com
Email: apityping@gmail.com
FB: https://www.facebook.com/ApiTyping


ඇඩ් එකක් නෙමෙයි මේක අපේම වැඩක්...

Wednesday, 3 July 2019

ගූගල්හි ප්‍රථම සමාජජාලය - Orkut

ලොව ප්‍රකට ගූග්ල් සමාගමේ ප්‍රථම සමාජ ජාලය නිර්මාණය වෙන්නෙ Orkut නමින්. ඒ Orkut Büyükkökten නම් තුර්කි පරිගණක විද්‍යාඥයෙකු විසින් 2004 ජනවාරි 24 දීය. මෙහි ප්‍රධාන අරමුණ වී තිබුනේ තම පැරණි මිතුරන් සමග ලඟින් සම්බන්ධතා පවත්වා ගැනීමයි. ලොව අංක එකේ සමාජජාලය වන Facebook අඩවියත් අන්තර්ජාලයට මුදාහරින්නේ Orkut අඩවියට දින 10කට පසුවයි. 2008 දී ඉන්දියාව සහ බ්‍රසීලය තුල වැඩිම පිරිසක් පැමිණෙන වෙබ් අඩවිය බවටත් Orkut තමා පත් වෙලා තියෙන්නේ. කොහොම උනත් ෆේස්බුක් වල තරඟකාරී බවත් එක්ක ලෝකය තුල මහලොකු තැනක් Orkut අඩවියට ගන්න බැරිවෙනව. ඔය ඒ මේ අස්සෙ ගූග්ල් සමාගම 2011දී ෆේස්බුක් සමාජජාලයට සමාන ලෙස(ගේමට වගෙ) Google+ සමාජ ජාලය නිර්මාණය කරනව. Orkut අඩවියට පුරුදු උන පිරිස රැඳී සිටියත් නව පිරිස් නොපැමිණීම නිසාත් Google+ තිබෙන නිසාත් ගූග්ල් සමාගම විසින් 2014 සැප්තැම්බර් 30 නිවේදනයක් නිකුත් කරමින් Orkut අඩවිය නවතා දමනව.

Orkut screenshot: Show

අපිට දැං ඔර්කුට් නෑ!

Tuesday, 2 July 2019

ශ්‍රී ලංකා අවම බලය යනු

ශ්‍රී ලංකාවෙදි පොලිස් නිළධාරියෙකුට සැකකරුවෙක් හෝ වැරදිකරුවෙක්ට දණින් පහතට වෙඩිතියන්න පුලුවන්ද? ඔව් පුලුවන්. හැබැයි ඒක හැම වෙලේම කරන්න බෑ. පොලිස් නිළධාරියෙක් යම් සැකකරුවෙක් හෝ වැරදිකරුවෙක් අල්ලන්න ගියා කියමුකෝ, එතකොට ඔන්න අර ඩයල් එක දුවනව. පොලිස් මාමට දුවන්න බැරුව අල්ලගන්න බැරි උනා කියල දණින් පහතට වෙඩිතියන්න එහෙම බෑ. කොහොම හරි දුවල ගිහිං තමා අල්ලගන්න ඕනි. ඊළඟට සැකකරු පොලිස් නිළධාරියා එක්ක පොරබැදුව කියමුකො. පොලිස් මාමට අම්බානෙකට නෙලනව, හැබැයි ආයුධ නැතුව. එහෙම වෙලාවකත් කිසිම විදිහකට වෙඩි තියන්න බෑ. මොකද පොලිස් නිළධාරියෙක් කියන්නෙ යම් කිසි සැලකිය යුතු මට්ටමකට පුහුණුවක් ලබපු කෙනෙක්. හැබැයි සැකකරුවෙක් හෝ යමෙක් පොලිස් නිලධාරීන්ට ආයුධ භාවිතා කරල වෙඩිතැබීම් වැනි දෙයකින් සටන් කලොත් ඔන්න ඒ අවස්ථාවෙදි තමා දණින් පහතට වෙඩි තියල අර පුද්ගලයාව මෙල්ල කරගන්න පුලුවන්. ඒකියන්නෙ විරුද්ධවාදියා යොදන බලයට සමාන බලයක් යොදල තමා මෙල්ල කරගන්න ඕනි. උසාවි නියෝග ගැනනං සතපහක දෙයක් දන්නෑ ඕං...
උපුටා ගැනීම :- යම්කිසි මාධ්‍යයක පළවූ යම්කිසි වැඩසටහනකින්ය.

සර් අවමබලය පාවිච්චි කරල තියමුද ඔලුව කුඩුවෙලා යන්න

Monday, 1 July 2019

නරියා සහ වෘකයා අතර වෙනස්කම්

ටීන් වුල්ෆ් බලබල ඉන්නකොට හිතුන මේ වර්ග දෙකේ වෙනස්කම් හොයන්නෝනි කියල. වෘකයින් සහ නරියන් අයත් වන වංශය කැනීඩා වංශය වන අතර ඊට වර්ග 34ක් ඉන්නවලු. මං මේ ලඟක් වෙනකම් හිතං හිටියෙ, නම් දෙකම කියන්නෙ එකම සතාට කියල.

01. වෘකයා ප්‍රමාණයෙන් බර කිලෝ 150කට ආසන්න සහ උස අඩි 3කට ආසන්න උවත් නරියා ප්‍රමාණයෙන් බර කිලෝ 30කට ආසන්න වන අතර උස අඩි 1.5කට ආසන්න වේ.
02. වෘකයින් රංචු වශයෙන් ජීවත්වීමට කැමැත්තක් දක්වන අතර වෘක රැළක 6-10 අතර ප්‍රමාණයක් සිටියි. නරියා රංචු වශයෙන් ගැවසීමට අකමැති නමුත් නරියාද දෙතුන් දෙනෙකු එකට ගැවසෙන අවස්ථා ඇත.
03. වෘකයින් විශාල සතුන් ආහාරයට ගන්නා අතර නරියන් ඉතා කුඩා සතුන්, පළතුරු, කෘමීන් වැනි දෑ ආහාරයට ගනියි.
04. වෘකයින් මිනීමස් ආහාරයට ගන්නා අතර නරියන් එසේ නොකරයි.
05. වෘක පැටවුන් බලු පැටවුන්ගේ පෙනුම ඇති අතර නරි පැටවුන් පූස් පැටවුන්ට සමාන පෙනුමක් ගනියි.

Tuesday, 25 June 2019

කණාමැදිරියෝ ගැන නොදත් දේ

කතාවක් හෙම නෙමෙයි ඈ. කණාමැදිරියන් ගැන ෆැක්ට්ස් වගයක් තමයි මේ දෙන්න යන්නේ. මිනිසා බල්බය නිපදවීමට හේතු උන කණාමැදිරියා ගැනත් පොඩ්ඩක් හොයල බලන්න හිතුනා. තව කාරණයක් තමයි විද්‍යාඥයින් ගිණිකූරු සොයාගැනීමටත් කණාමැදිරියා හේතුවක් උනාලු.

01. ලොව තුල කණාමැදිරි විශේෂ 2000කට වැඩි ප්‍රමාණයක් සිටියි.
02. පිරිමි සතුන් විසින් ගැහැණු සතුන්ගේ ආකර්ශනය ලබා ගැනීම සඳහා බැබලීම සිදුකරයි.
03. එක එක කණාමැදිරියාට තමාට ආවේනික බැබළීමේ ක්‍රමයක් ඇත.
04. පිරිමි සතාගේ බැබළීමේ ක්‍රමයට ගැහැණු සතා ආකර්ශණය උවහොත් ඇයද එම ආකාරයෙන්ම බැබළීම සිදුකරයි.
05. ඔවුන්ගේ ආලෝකයේ වර්ණය කොළ, කහ හෝ තැඹිලි විය හැක.
06. බහුතරයක් මාංශ භක්ශක වන අතර ඔවුන් දළඹු පිලව් සහ ගොළුබෙලි යුශ උරාබොයි.

බ්‍රෝත් මං වගෙ පොඩි කාලෙ කණාමැදිරියො බෝතලේකට එකතුකරල ලස්සන බලල ඇති.

Monday, 24 June 2019

2018දී ඇමරිකාවේ නාසා ආයතනය හැක් උනාද?

සරලවම ඔව්!. ඒ හැක් උනේ නාසා ආයතනයේ ජෙට් යානා ප්‍රචාලන පර්යේශනාගාරයේ(Jet Propulsion Laboratory) ජාලය වන අතර ඒ හැකර් කරුවකු විසින් රාස්බෙරි පයි වර්ගයේ පරිගණකයක් භාවිතයෙනි. මෙම පරිගණක වෙළඳපල තුල ඉතා සුළු මිලකට($36 වැනි) ගත හැකි වන අතර ප්‍රමාණය ක්‍රෙඩිට් කාඩ් එකකට වඩා සුළු ප්‍රමාණයක් විශාලය. මෙම සිදුවීම 2018 අප්‍රේල් මාසයේදී සිදු උවත් එය නාසා ආයතනය මගින් හෙලි කරනු ලැබුවේ මීට දින කිහිපයකට පෙරය. මෙහිදී නාසා ආයතනය සතුව තිබූ ගොණු 23ක මෙගාබයිට්ස් 500ක පමණ දත්ත හා තොරතුරු සොරකම් කර ඇති බවට තමයි සඳහන් වෙන්නේ.

කිව්වෙ නැති උනාට මමත් වතාවක් Photoshop වලින් නාසා හැක් කලා.

Sunday, 23 June 2019

අහසේ තරු

මිනිසා හදට ගියා වගෙ තරුවකටත් යයි කියල හිතුවද? පේන විදිහට නම් ඒක මේ කපේදි කරන්න බැරි දෙයක් වගෙ. මොකද අපිට ලඟින්ම තියෙන තරුව වෙච්ච සූර්යයාටවත් යාගන්න බැරුවයි තාම ඉන්නේ. ඉතිං අනිත් තරු ගැන මොන කතාද... සූර්යයා හැරුනු විට පෘතුවියට ලඟම තරුව(Proxima Centauri) තියෙන්නේ ආලෝක වර්ශ 4.2 ඈතින්. පෘතුවියේ දැනට ඇති වේගවත්ම යානයෙන් ගියත් මිනිසෙක්ට වසර 70,000ක් විතර යනවලු ඒ තරුවට යන්න. රාත්‍රියට අපි දකින තරු සියල්ලක්ම අපේ සූර්යයාට වඩා විශාල සහ ආලෝකමත් - තරු තිබෙන දුරත් එක්ක ගත්තම ඒක තර්ක නැතුවම පිළිගන්න පුලුවන්. තරු බබළන්නේ නැත - ඒක ටිකක් සංකීර්ණ කතාවක්. කිහිපවරක්ම තර්ක මතුවෙලා තියෙනවා "Sirius" නම් තාරකාවක් පැහැදිලිවම බැබළෙන බවට, නමුත් තරු වලට බැබළෙන ගුණයක් නෑ. ඒ තරු බැබළෙනව වගෙ පේන්නෙ පෘතුවි වායුගෝලයේ තියෙන යම් යම් කැළඹීම් නිසා සහ ක්ෂිතිජමය කාරණාවක් නිසා කියල තමයි විද්‍යාඥයින් කියන්නේ.

තරුවලට ගිහිං බම්බු ගහන්නයෑ

Monday, 27 May 2019

2020දී එන වට්ස්ඇප් ඇඩ්ස්

ලොව පුරා බිලියනයකට වැඩි පිරිසක් භාවිත කරන වට්ස්ඇප් මැසෙන්ජර් සේවාව ඔන්න 2020දී ඇඩ් වලින් පුරවන්න තමයි යන්නේ. එහෙම කිව්වට එච්චර කරදරකාරී නොවෙයි කියල හිතමු. ලාභ අරමුණු කරන ෆේස්බුක් වගෙ ආයතනයකින් ඇඩ් නැතුව ඇප් එකක් බලාපොරොත්තු වෙන්න බෑනෙ ඉතිං. මේ ඇඩ්ස් එන්නේ වට්ස්ඇප් "Status" වලින් කියල තමා කියන්නේ.

Picture: Show

හැමතැනම හිලක්

Friday, 24 May 2019

නාසා එක හරහා අඟහරු වලට ඔයාගෙ නමත් යවන්න

ඕං ඇමරිකාවේ නාසා ආයතනය පට්ට චාන්ස් එකක් දීල තියෙනව ඔයාගෙ නම අඟහරු වලට යවන්න. 2019 සැප්තැම්බර් 30 වෙනකම් විතරයි කල් තියෙන්නේ. මොකද 2020දී තමයි යානය කක්ෂගත කිරීම සිදුවෙන්න තියෙන්නේ. ඉතිං මේක හොඳ අවස්ථාවක්. ට්‍රයි කරල බලන්න පහල තියෙන ලින්ක් එකෙන්.

Form link: https://go.nasa.gov/Mars2020Pass
Form screenshot: Show

යන්න බැරි එකේ නමවත් යවහං යාළු.

Saturday, 18 May 2019

කොස් ඇට ගුලිය

මෙන්න පට්ටම කෑමක් ඈ. කෑවොත් ඉතිං හත් අට වතාවක් ඉල්ල ඉල්ල කන්න හිතෙන කෑමක් තමයි කොස්ඇට ගුලි කියන්නෙ. අමුද්‍රව්‍ය ඔක්කොම ගෙදරින් හොයාගන්න පුලුවන්. ඔන්න කිව්ව හදන විදිහ එහනෙං. කොස් ඇට ටිකක් ගන්න, කබලක දාල ලිපේ තියල හොඳට බැදගන්න. වැඩිය කරවනේනත් බෑ අඩුවෙන් කරවෙන්නත් බෑ. හොඳට බැදගත් කොස්ඇට පොතු ඉවත් කරගන්න ඕනි. ඊටපස්සෙ කොස්ඇට ටික වංගෙඩියකට දාල හොඳට කොටාගන්න ඕනි. පොල් ටිකක් ගාගෙන, කොටාගත්ත කොස් ඇට ටිකට දාල, සීනිත් පදමට දාල, ලුණු චුට්ටකුත් දාල ගෙදර තියෙනවනම් කිතුල් පැණි තේ හැන්දකුත් දාන්න. දැං ඉතිං හොඳට කලවම් කරලා ගුලි හදාගෙන කන්න තියෙන්නෙ.

මේ වගෙ පෝස්ට් හැමතැනම නෑ මල්ලෙහ්

Thursday, 16 May 2019

2020දී එන වට්ස්ඇප් ඇඩ්ස්

මේක ටිකක් බයවෙන්න ඔිනි කාරනාවක්. මයික්‍රොප්ලාස්ටික් කියන්නෙ පුංචිම පුංචි ප්ලාස්ටික් කැබලි. සමහර ඒව ඇස්වලින් දකින්න පුලුවන් උනත් සමහර ඒව අන්වීක්ෂියයි. සයිස් එකෙන් කිව්වොත් මිලිමීටර් 5 සහ ඊට කුඩා ප්ලාස්ටික් කැබලි. මේවයින් වෙන ලොකුම සීන් එක තමයි අපි ගන්න ආහාර වලින් අපි නොදැනුවත්වම මේ මයික්‍රොප්ලාස්ටික්ස් අපේ ශරීරය තුලට යන එක. ඒ වගේම එ්ක ගොඩක් භයානකයි. මොකද මේව හින්ද ගොඩක් ලෙඩ රෝග හැදෙන්නත් පුලුවන්(පිළිකා වැනි). මේව බහුලවම තියෙන්නෙ ජලය තුල. අපි ආහාරයට ගන්න මාළු ඇතුළු සියලු මුහුදු ජීවීන්ගේ මේව සෑහෙන්න අඩංගු වෙනව. දිනකට බරගානක් සාගර ජීවීන් මැරෙනවලු මේ මයික්‍රොප්ලාස්ටික්ස් අහාරයට ගැනීම නිසා. 2014 වන විට සාගරය තුල මයික්‍රොප්ලාස්ටික්ස් ට්‍රිලියන 51ට වැඩි තියෙනව කියල හොයාගෙන තියෙනව. දැං සෑහෙන්න වැඩි වෙලා ඇති. අපි බොන ජලයෙත් මයික්‍රොප්ලාස්ටික්ස් තියෙනවලු. කරන්න දෙයක් නෑ ඉතිං අපිම ජලයට එකතු කරපු ප්ලාස්ටික් බෝතල් වගෙ දේවල් තමා ඉතිං අපි පස්සෙං දැං පන්නන්නෙ. කාලයක් යනකොට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නත් බැරි නෑ..

Picture: Show | Picture2: Show | Picture3: Show

අද ඉදන්වත් මුහුදට, ගඟට, ඇලට, දොලට වතුර තියෙන කිසිම තැනකට අපද්‍රව්‍ය බැහැර නොකර ඉමු.

Friday, 24 August 2018

කැන්සල් කරන්න අමාරු කැන්සර්

පිළිකාවක්... සමහරු බයයි, මාත් බයයි. සමහරු කියනව කැන්සර් එකක් කියල දැනගත්තම ඉතිං කොයි වෙලේ හරි මැරෙන්න සූදානම් වෙලා ඉන්නෙපෑලු. ඉදකිං, එතකොට අනිත් මිනිස්සු මැරෙන්නැද්ද. කැන්සර් ගැන එහෙං මෙහෙං අැහිඳගත්තු පොඩි පොඩි තොරතුරු කීපයක් ගෙනාව ඔන්න.

01. දිනකට ලෝකයේ 20000ට අාසන්න පිරිසක් මැරෙනව කැන්සර් නිසා.
02. කැන්සර් වර්ග 100කට වඩා තිබෙනව.(ඔිනි එකක් හැදෙන්න පුලුවන්).
03. දුම්කොළ, මධ්‍යසාර භාවිතය අඩුකරගැනීම සහ ශක්තිමත් අාහාර ගැනීම, ශරීර ක්‍රියාකාරකම්වල නිරත වීම මගින් 30%ක් පමණ කැන්සර් වැළඳීමේ ප්‍රවනතාව අඩුකරගත හැකියි.
04. ලොව තුල පිළිකා වලින් දිවි ගලවාගත් පිරිස මිලියන 28ක් පමණ වෙනව.
05. සිගරට් එකක ඇති කෙමිකල් වර්ග 4800+ අතුරින් 69ක් විතර පිලිකා හැදෙන්න ප්‍රභලව බලපානව.
06. බොහෝදුරට සෑහෙන්න උස කාන්තාවන්ට පිළිකා හැදෙන්න බලනවලු.
07. රතු වයින් පිළිකා ස‍ෛල විනාශ කරනවලු.
08. Billy Owen කියන පුද්ගලයාට පිළිකාවක් නිසා අැසක් නැති උන එය නිසා ඔහු සොම්බි නළුවෙක් බවටද පත්වූවා.
09. අධික රස්නයෙන් යුත් දියර පානය කිරීමෙන් පිළිකා හැදෙන්න පුලුවන්.

කොයිවෙලේද කියන්න බෑ බක්ක, සූදානම ඇඟට හොඳයි

අසිත යොමාල්ගේ ටකබුං

X