Friday 12 July 2019

වැඩ කර කර ඉද්දි Word, Excel Not responding උනාද? Save කලෙත් නැද්ද?

දැං සැපද? මාත් සමහර වෙලාවට ටයිප් කරද්දි එහෙම පිස්සෙක් වගෙ සේව් නොකර Word එකේ වැඩ කරනව. ඒ වෙලාවට නොට් රෙස්පොන්ඩිං ඇහිල්ල තියෙනව. එතකොට මං SB ව මතක් කරගෙන ෆයිල් එක Close කරල දානව. අවුලන්නෑ මයික්‍රොසොෆ්ට් ඔෆිස් වගෙ ලොකු සොෆ්ට්වෙයා වල ඔටෝ රිකවරි තියෙනව. අපි සේව් කලේ නැති උනාට ඔටෝ සේව් වෙනව. මේව තියෙන්නෙ හැබැයි Read only වෙලා. කියවන්න විතරයි පුලුවන්. හැබැයි එතනින් කොපි කරගන්න පුලුවන්. ඉස්සෙල්ලම "C:\Users\[username]\AppData\Roaming\Microsoft\Word\"[pic] කියන තැනට යන්න. එතන ඇති "AutoRecovery save of Document.asd" වගෙ නම් තියෙන ෆයිල් ලැයිස්තුවක් හරි එකක් හරි, නැතිම වෙන්නත් පුලුවන්(නැතිම උනොත් බඩුම තමා). දැන් අලුත් Word ඩොකියුමන්ට් එකක් විවෘත කරගන්න. එතනින් "File->Open" ගිහාම ඇති පොඩි බට්න් එකක් "Recover Unsaved Documents"[pic] කියල. ඒක ක්ලික් කරල අර මං කලිං කියපු තැනින් ෆයිල් ඕපන් කර කර බලන්න ඔයාට ඕනි ඩොකියුමන්ට් එක තියේද කියල(නැත්තං බඩු හොඳේ). දැං උවමනා ටික කොපි කරගෙන අලුත් ඩොකියුමන්ට් එකක් ඕපන් කරගෙන ඒකට Paste කරගන්න. මේ ක්‍රමය මයික්‍රොසොෆ්ට් ඔෆිස් එකේ ඕනිම සොෆ්ට්වෙයා එකකට වැඩ.

ප්‍රශ්නයක් ඇත්නම් විස-ඳුමක් ඇත, තනමල්විලින් නැග ආ දුමක් විය හැක...

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X