Wednesday 24 July 2019

ළමුන්ටම සෑදූ මැසෙන්ජර් කිඩ්ස් - Messenger Kids

ඔන්න බබෝ බිල්ලා වෙන්නෙ නෑ දැං. මොකද සියලුම ළමුන්ට පාවිච්චි කරන්න පුලුවන් විදිහට ආරක්ෂිත ලෙස නිපදවපු මැසෙන්ජර් සේවයක් ෆේස්බුක් සමාගම විසින් කරගෙන යනව. ඒකෙ නම මැසෙන්ජර් කිඩ්ස්. මේකත් සාමාන්‍ය මැසෙන්ජර් ඇප් එක වගෙම ඇප් ස්ටෝර් හෝ ප්ලේ ස්ටෝර් වලින් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. දැනට මෙය ඇපල් අයි.ඕ.එස් සහ ගූග්ල් ඇන්ඩ්‍රොයිඩ් කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති සඳහා සහාය දක්වනව. මෙම ඇප් එකෙන් සිදු කරන සියලුම දේ දෙමාපියන්ට බලාගන්න පුලුවන් සහ එය දෙමාපියන්ට හැකි සේ පාලනය කරන්නත් පුලුවන්. මොකද දෙමාපියන්ගෙ මැසෙන්ජර් ඇප් එක සහ ළමයාගේ දුරකථනයට අදාල මැසෙන්ජර් කිඩ්ස් ඇප් එක සම්බන්ධ වෙලයි තියෙන්නෙ. මේ ඇප් එක හරහා සෙල්ෆි වලට ලස්සන ලස්සන වැඩ කෑලි එහෙමත් දාන්න පුලුවන් ලමයින් ගැලපෙන විදිහට. මෙයට අදාල සියලුම විස්තර සහ ඩවුන්ලෝඩ් කරගැනීම් https://messengerkids.com යන වෙබ් ලිපිනයෙන් ලබාගන්න පුලුවන්.

අපේ රටේ උං තාත්තලට දාල දෙයි කිඩ්ස් ඇප් එක!

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X