Saturday 18 May 2019

කොස් ඇට ගුලිය

මෙන්න පට්ටම කෑමක් ඈ. කෑවොත් ඉතිං හත් අට වතාවක් ඉල්ල ඉල්ල කන්න හිතෙන කෑමක් තමයි කොස්ඇට ගුලි කියන්නෙ. අමුද්‍රව්‍ය ඔක්කොම ගෙදරින් හොයාගන්න පුලුවන්. ඔන්න කිව්ව හදන විදිහ එහනෙං. කොස් ඇට ටිකක් ගන්න, කබලක දාල ලිපේ තියල හොඳට බැදගන්න. වැඩිය කරවනේනත් බෑ අඩුවෙන් කරවෙන්නත් බෑ. හොඳට බැදගත් කොස්ඇට පොතු ඉවත් කරගන්න ඕනි. ඊටපස්සෙ කොස්ඇට ටික වංගෙඩියකට දාල හොඳට කොටාගන්න ඕනි. පොල් ටිකක් ගාගෙන, කොටාගත්ත කොස් ඇට ටිකට දාල, සීනිත් පදමට දාල, ලුණු චුට්ටකුත් දාල ගෙදර තියෙනවනම් කිතුල් පැණි තේ හැන්දකුත් දාන්න. දැං ඉතිං හොඳට කලවම් කරලා ගුලි හදාගෙන කන්න තියෙන්නෙ.

මේ වගෙ පෝස්ට් හැමතැනම නෑ මල්ලෙහ්

2 comments:

අසිත යොමාල්ගේ ටකබුං

X