Monday 16 November 2020

CSS Web-design වීඩියෝ මාලාව

වෙබ් ඩිසයින් වලදී වෙබ් පිටු අලංකාර කරගන්නා ආකාරය පිළිබඳව මුල සිට සරලව කියාදෙන වීඩියෝ මාලාව නැරඹීමට ඔබත් එන්න. A\Level කරන අයට තමයි මුල වීඩියෝ ටික බේසික් විදිහට කරන්නෙ. ඒ ටික ඉවර උන ගමන් ඇඩ්වාන්ස් ටික පටන් ගන්නව. පහල තියෙන ලින්ක් එකෙන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.

Channel Link: https://www.youtube.com/channel/UC4t5bk7GvxR-ilwvK1hrjqA

චූබරචූබරචූබරචූබර

Sunday 18 October 2020

Google සර්ච් රිිසාල්ට් ගාන බොරුවක්

ඔයා ගූග්ල් එකේ මොනවහරි සර්ච් කරහම [About 3,000,000,000 results (0.54 seconds)] වගෙ ලොකු රිසාල්ට් ගානක් තියෙනව කියල පෙන්නනවනෙ. සමහර වෙලාවට මේක කියව ගන්නත් බැරි තරම් ලොකු ගානක්. හැබැයි මේකෙ පිටුවෙ යටටම ගිහිං අන්තිම පිටුවට ගිහිං බැලුවම තියෙන්නෙ [Page 5 of about 215 results (0.60 seconds)] කියල(ගාන වෙනස් විය හැක). මේ අවසාන පිටුවෙ තියෙන ගාන තමා අපි සර්ච් කරපු එකට තියෙන ඇත්තම වෙබ් පිටු ගාන. ඇත්තටම මෙයාල මුලින් කියන ගාන ඒගොල්ලො ලග තියෙනව, ඒත් අපිට ගැලපෙනම ටික ෆිල්ටර් කරල තමා එවන්නෙ ලේසි වෙන්න.

ඉස්සරහට ජූටියුබ් චැනල් එකක් කරන්න හිතාන ඉන්නෙ

Tuesday 13 October 2020

පෝන් එකක් පිටරටකින් ගෙන්න ගන්නම ඔිනිද? ලාබයිනේ...

ඊබේ, අලිඑක්ස්ප්‍රස් වගෙ සයිට් එකකින් පෝන් එකක් ගෙන්න ගන්නකං නින්ද යන්නැති වගෙ සීන් එකක් තියෙනවද? බෙහෙත ඉතිං මක්කොල්ලහරි පෝන් එකක් ගෙන්න ගන්න එකම තමා. අන්ලොක් කරපු පෝන් කොච්චර ඒ වෙබ් සයිට් වල තිබුනත් ෆ්‍රී ෂිපිං තිබුනත් අපේ රටට ගෙන්නන්න හෙන අමාරුයිනෙ. ඔික ඉතින් කරගන්නනං පුලුවන්, ටික්කාක් මහන්සි වෙන්න වෙනව. මොකද අපි සෙලර්(පෝන් මුදලාලි) ව පොඩ්ඩක් කන්ටෑක්ට් කරගෙන එයාට කියන්න ඔිනි නිකං ඔය MP3 Player එකක්, Power Bank එකක් විදිහට පැක් කරලා එවන්න කියලා. සමහර පට්ට සෙලර්ස් ලා ඉන්නව දශම කාලක්වත් සැක හිතැන්නැති විදිහට භාණ්ඩෙ ගෙදරටම එන්න සලස්වනව. මේක 100% සාර්ථක වෙයිද කියන්න මම දන්නෙ නෑ, මම අන්තර්ජාලෙ දැකල තියෙනව ගොඩක් අය එහෙම ගෙන්නල තියෙනව. කෙලවෙච්ච අවස්ථාත් නැතුවම නෙවෙයි ඔිං ඈ. භාෂාව හරියටම දාල වැඩේ කරගන්න.

කෙලඋනොත් මං නෑ

Tuesday 24 December 2019

ප්‍රවෘත්ති විකාශයක් අතරතුර අසභ්‍ය වීඩියෝවක් ප්ලේ උනාලු!

නිකමට හිතන්නකො නිවුස් චැනල් එකක ලයිව් නිවුස් කියන අක්කට පිටිපස්සෙ තියෙන ස්ක්‍රීන් එකේ අසභ්‍ය වීඩියෝවක් ප්ලේ උනා කියල. අන්න ඒ වගෙ සීන් එකක් තමයි වෙලා තියෙන්නෙ. අපේ රටේ නම් නෙමෙයි, මේක වෙලා තියෙන්නෙ ස්වීඩන් නිවුස් චැනල් එකක. නිවුස් කියන අක්කට පිටිපස්සෙ තියෙන කම්පියුටර් ස්ක්‍රීන්(මොනිටර්) එකක තමයි මේ වීඩියෝව ප්ලේ වෙලා තියෙන්නෙ. කොහොමහරි විනාඩි 10ක්ම මේක ප්ලේ වෙලා තියෙනව. පින්තූරෙ තියෙනවා පහල. ආපු කේන්තියට ඕක කරපු එකාව අල්ලල එල්ලල මරල රුපියල් දෙසීයක දඩේකුත් ගහල රස්සාවෙන් අස් කරන්නැති. කොහොමහරි 20%ක් වගෙ පිරිමි පාර්ශවය තමන් වැඩ කරන ස්ථානයෙ පරිගණක වලින් අසභ්‍ය වීඩියෝ බලනව කියල ඔන්නොය මොකද්ද මන්ද සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවලු.

Picture: Show

අපෙත් මෙහෙම වෙනවනං...

Wednesday 24 July 2019

ළමුන්ටම සෑදූ මැසෙන්ජර් කිඩ්ස් - Messenger Kids

ඔන්න බබෝ බිල්ලා වෙන්නෙ නෑ දැං. මොකද සියලුම ළමුන්ට පාවිච්චි කරන්න පුලුවන් විදිහට ආරක්ෂිත ලෙස නිපදවපු මැසෙන්ජර් සේවයක් ෆේස්බුක් සමාගම විසින් කරගෙන යනව. ඒකෙ නම මැසෙන්ජර් කිඩ්ස්. මේකත් සාමාන්‍ය මැසෙන්ජර් ඇප් එක වගෙම ඇප් ස්ටෝර් හෝ ප්ලේ ස්ටෝර් වලින් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. දැනට මෙය ඇපල් අයි.ඕ.එස් සහ ගූග්ල් ඇන්ඩ්‍රොයිඩ් කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති සඳහා සහාය දක්වනව. මෙම ඇප් එකෙන් සිදු කරන සියලුම දේ දෙමාපියන්ට බලාගන්න පුලුවන් සහ එය දෙමාපියන්ට හැකි සේ පාලනය කරන්නත් පුලුවන්. මොකද දෙමාපියන්ගෙ මැසෙන්ජර් ඇප් එක සහ ළමයාගේ දුරකථනයට අදාල මැසෙන්ජර් කිඩ්ස් ඇප් එක සම්බන්ධ වෙලයි තියෙන්නෙ. මේ ඇප් එක හරහා සෙල්ෆි වලට ලස්සන ලස්සන වැඩ කෑලි එහෙමත් දාන්න පුලුවන් ලමයින් ගැලපෙන විදිහට. මෙයට අදාල සියලුම විස්තර සහ ඩවුන්ලෝඩ් කරගැනීම් https://messengerkids.com යන වෙබ් ලිපිනයෙන් ලබාගන්න පුලුවන්.

අපේ රටේ උං තාත්තලට දාල දෙයි කිඩ්ස් ඇප් එක!

Wednesday 17 July 2019

HIV වලට බිය නොවී ඔවුන්ව කොන් නොකරන්නට

HIV ලෙඩේට හැමෝම බයයිනෙ, තියෙන අයත් නැති අයත්. කටකතාවක් තිබුනා ඉස්සර ඔය කුරුණෑගල පැත්තෙ ෆිල්ම් හෝල් වගයක සීට් වල කටු ගහල තිබුනලු ඇනෙන විදිහට. ඒව ඇනුනම මිනිස්සු ගලෝල බැලුහම ඒවයෙ ගහල තිබුනලු පොඩි කොල කෑල්ලක "Welcome to the AIDS club" වගෙ වදනක්. ඇත්තද නං දන්නෑ. කොහොම උනත් මං මේ කියන්න යන්නෙ HIV තිබෙන අයත් එක්ක කිසි ප්‍රශ්නයක් නැතිව එයාලට වෙනස්කමක් නොදැනෙන්න ජීවත් වෙන විදිහ සහ බෝවන ක්‍රම. අපි එයාලව වෙන් කරන්න නරකයි, මොකද මේව උපතින් හැදුන අයත් ඇති. ගොඩක් ඉස්සර මේ ලෙඩේ හැදුන මිනිස්සු ලඟටවත් යන්න අනෙත් අය බය උනාලු(අපේ වගේ රටවල්වලනං තාමත් ඒ වගෙ තමා). හැබැයි මේක හුළඟින් එහෙම බෝවෙන ලෙඩක් නෙමෙයි. මේක බෝවෙන්න පුලුවන් ක්‍රම ගත්තම ලිංගිකව එකතු වීම හෝ ලිංගික අවයවයකින් නිකුත් වන ශ්‍රාවයක්(ශුක්‍රාණු වැනි) ශරීරයට ඇතුලත් වීමෙන් බෝවෙන්න පුලුවන්. ලිංගිකිව එකතු වීමකදී කොන්ඩම් වැනි උපකරණයක් භාවිත කිරීමෙන් මෙය වළකා ගත හැකියි. මවකගෙන් දරුවාට බෝවන්නේ මවු කිරි මගින්, දරු උපතකින් හෝ පිළිසිඳගැනීම වැනි ක්‍රමවලින්. රෝගියෙකු භාවිතා කළ කටු වර්ග තවත් කෙනෙකු භාවිතා කිරීමෙන්ද බෝවෙයි(පච්ච කෙටීම සහ අනාරක්ෂිත මත්ද්‍රව්‍ය එන්නත් කිරීම වැනි). ලේ හුවමාරු කිරීමකින් අනිවාර්යයෙන්ම බෝවෙනව. බොනොවන ක්‍රම ගත්තම, කියන්න දේවල් බොහෝයි. ප්‍රධාන වශයෙන් අත් අල්ලන් ඇවිදීම, දහදිය, කඳුලු, මළපහ, මුත්‍රා, කෙළ වැනි දෑ වලින් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ධාරානිපාත කිස් එකක් එහෙම දුන්නය කියල මේක බෝවෙන්නෑ. එකම වැසිකිළිය භාවිත කිරීම, එකම පිඟන් කෝප්ප වල කෑව බිව්ව කියල බෝවෙන්නෙත් නෑ.

තව ඇඩ්වාන්ස් විදිහට ලිව්වොත් කුණුහරප ගොඩක් වෙනව මේක

Friday 12 July 2019

වැඩ කර කර ඉද්දි Word, Excel Not responding උනාද? Save කලෙත් නැද්ද?

දැං සැපද? මාත් සමහර වෙලාවට ටයිප් කරද්දි එහෙම පිස්සෙක් වගෙ සේව් නොකර Word එකේ වැඩ කරනව. ඒ වෙලාවට නොට් රෙස්පොන්ඩිං ඇහිල්ල තියෙනව. එතකොට මං SB ව මතක් කරගෙන ෆයිල් එක Close කරල දානව. අවුලන්නෑ මයික්‍රොසොෆ්ට් ඔෆිස් වගෙ ලොකු සොෆ්ට්වෙයා වල ඔටෝ රිකවරි තියෙනව. අපි සේව් කලේ නැති උනාට ඔටෝ සේව් වෙනව. මේව තියෙන්නෙ හැබැයි Read only වෙලා. කියවන්න විතරයි පුලුවන්. හැබැයි එතනින් කොපි කරගන්න පුලුවන්. ඉස්සෙල්ලම "C:\Users\[username]\AppData\Roaming\Microsoft\Word\"[pic] කියන තැනට යන්න. එතන ඇති "AutoRecovery save of Document.asd" වගෙ නම් තියෙන ෆයිල් ලැයිස්තුවක් හරි එකක් හරි, නැතිම වෙන්නත් පුලුවන්(නැතිම උනොත් බඩුම තමා). දැන් අලුත් Word ඩොකියුමන්ට් එකක් විවෘත කරගන්න. එතනින් "File->Open" ගිහාම ඇති පොඩි බට්න් එකක් "Recover Unsaved Documents"[pic] කියල. ඒක ක්ලික් කරල අර මං කලිං කියපු තැනින් ෆයිල් ඕපන් කර කර බලන්න ඔයාට ඕනි ඩොකියුමන්ට් එක තියේද කියල(නැත්තං බඩු හොඳේ). දැං උවමනා ටික කොපි කරගෙන අලුත් ඩොකියුමන්ට් එකක් ඕපන් කරගෙන ඒකට Paste කරගන්න. මේ ක්‍රමය මයික්‍රොසොෆ්ට් ඔෆිස් එකේ ඕනිම සොෆ්ට්වෙයා එකකට වැඩ.

ප්‍රශ්නයක් ඇත්නම් විස-ඳුමක් ඇත, තනමල්විලින් නැග ආ දුමක් විය හැක...

අසිත යොමාල්ගේ ටකබුං

X