Tuesday 13 October 2020

පෝන් එකක් පිටරටකින් ගෙන්න ගන්නම ඔිනිද? ලාබයිනේ...

ඊබේ, අලිඑක්ස්ප්‍රස් වගෙ සයිට් එකකින් පෝන් එකක් ගෙන්න ගන්නකං නින්ද යන්නැති වගෙ සීන් එකක් තියෙනවද? බෙහෙත ඉතිං මක්කොල්ලහරි පෝන් එකක් ගෙන්න ගන්න එකම තමා. අන්ලොක් කරපු පෝන් කොච්චර ඒ වෙබ් සයිට් වල තිබුනත් ෆ්‍රී ෂිපිං තිබුනත් අපේ රටට ගෙන්නන්න හෙන අමාරුයිනෙ. ඔික ඉතින් කරගන්නනං පුලුවන්, ටික්කාක් මහන්සි වෙන්න වෙනව. මොකද අපි සෙලර්(පෝන් මුදලාලි) ව පොඩ්ඩක් කන්ටෑක්ට් කරගෙන එයාට කියන්න ඔිනි නිකං ඔය MP3 Player එකක්, Power Bank එකක් විදිහට පැක් කරලා එවන්න කියලා. සමහර පට්ට සෙලර්ස් ලා ඉන්නව දශම කාලක්වත් සැක හිතැන්නැති විදිහට භාණ්ඩෙ ගෙදරටම එන්න සලස්වනව. මේක 100% සාර්ථක වෙයිද කියන්න මම දන්නෙ නෑ, මම අන්තර්ජාලෙ දැකල තියෙනව ගොඩක් අය එහෙම ගෙන්නල තියෙනව. කෙලවෙච්ච අවස්ථාත් නැතුවම නෙවෙයි ඔිං ඈ. භාෂාව හරියටම දාල වැඩේ කරගන්න.

කෙලඋනොත් මං නෑ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X