Sunday 23 June 2019

අහසේ තරු

මිනිසා හදට ගියා වගෙ තරුවකටත් යයි කියල හිතුවද? පේන විදිහට නම් ඒක මේ කපේදි කරන්න බැරි දෙයක් වගෙ. මොකද අපිට ලඟින්ම තියෙන තරුව වෙච්ච සූර්යයාටවත් යාගන්න බැරුවයි තාම ඉන්නේ. ඉතිං අනිත් තරු ගැන මොන කතාද... සූර්යයා හැරුනු විට පෘතුවියට ලඟම තරුව(Proxima Centauri) තියෙන්නේ ආලෝක වර්ශ 4.2 ඈතින්. පෘතුවියේ දැනට ඇති වේගවත්ම යානයෙන් ගියත් මිනිසෙක්ට වසර 70,000ක් විතර යනවලු ඒ තරුවට යන්න. රාත්‍රියට අපි දකින තරු සියල්ලක්ම අපේ සූර්යයාට වඩා විශාල සහ ආලෝකමත් - තරු තිබෙන දුරත් එක්ක ගත්තම ඒක තර්ක නැතුවම පිළිගන්න පුලුවන්. තරු බබළන්නේ නැත - ඒක ටිකක් සංකීර්ණ කතාවක්. කිහිපවරක්ම තර්ක මතුවෙලා තියෙනවා "Sirius" නම් තාරකාවක් පැහැදිලිවම බැබළෙන බවට, නමුත් තරු වලට බැබළෙන ගුණයක් නෑ. ඒ තරු බැබළෙනව වගෙ පේන්නෙ පෘතුවි වායුගෝලයේ තියෙන යම් යම් කැළඹීම් නිසා සහ ක්ෂිතිජමය කාරණාවක් නිසා කියල තමයි විද්‍යාඥයින් කියන්නේ.

තරුවලට ගිහිං බම්බු ගහන්නයෑ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X