HIV ලෙඩේට හැමෝම බයයිනෙ, තියෙන අයත් නැති අයත්. කටකතාවක් තිබුනා ඉස්සර ඔය කුරුණෑගල පැත්තෙ ෆිල්ම් හෝල් වගයක සීට් වල කටු ගහල තිබුනලු ඇනෙන විදිහට. ඒව ඇනුනම මිනිස්සු ගලෝල බැලුහම ඒවයෙ ගහල තිබුනලු පොඩි කොල කෑල්ලක "Welcome to the AIDS club" වගෙ වදනක්. ඇත්තද නං දන්නෑ. කොහොම උනත් මං මේ කියන්න යන්නෙ HIV තිබෙන අයත් එක්ක කිසි ප්‍රශ්නයක් නැතිව එයාලට වෙනස්කමක් නොදැනෙන්න ජීවත් වෙන විදිහ සහ බෝවන ක්‍රම. අපි එයාලව වෙන් කරන්න නරකයි, මොකද මේව උපතින් හැදුන අයත් ඇති. ගොඩක් ඉස්සර මේ ලෙඩේ හැදුන මිනිස්සු ලඟටවත් යන්න අනෙත් අය බය උනාලු(අපේ වගේ රටවල්වලනං තාමත් ඒ වගෙ තමා). හැබැයි මේක හුළඟින් එහෙම බෝවෙන ලෙඩක් නෙමෙයි. මේක බෝවෙන්න පුලුවන් ක්‍රම ගත්තම ලිංගිකව එකතු වීම හෝ ලිංගික අවයවයකින් නිකුත් වන ශ්‍රාවයක්(ශුක්‍රාණු වැනි) ශරීරයට ඇතුලත් වීමෙන් බෝවෙන්න පුලුවන්. ලිංගිකිව එකතු වීමකදී කොන්ඩම් වැනි උපකරණයක් භාවිත කිරීමෙන් මෙය වළකා ගත හැකියි. මවකගෙන් දරුවාට බෝවන්නේ මවු කිරි මගින්, දරු උපතකින් හෝ පිළිසිඳගැනීම වැනි ක්‍රමවලින්. රෝගියෙකු භාවිතා කළ කටු වර්ග තවත් කෙනෙකු භාවිතා කිරීමෙන්ද බෝවෙයි(පච්ච කෙටීම සහ අනාරක්ෂිත මත්ද්‍රව්‍ය එන්නත් කිරීම වැනි). ලේ හුවමාරු කිරීමකින් අනිවාර්යයෙන්ම බෝවෙනව. බොනොවන ක්‍රම ගත්තම, කියන්න දේවල් බොහෝයි. ප්‍රධාන වශයෙන් අත් අල්ලන් ඇවිදීම, දහදිය, කඳුලු, මළපහ, මුත්‍රා, කෙළ වැනි දෑ වලින් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ධාරානිපාත කිස් එකක් එහෙම දුන්නය කියල මේක බෝවෙන්නෑ. එකම වැසිකිළිය භාවිත කිරීම, එකම පිඟන් කෝප්ප වල කෑව බිව්ව කියල බෝවෙන්නෙත් නෑ.
තව ඇඩ්වාන්ස් විදිහට ලිව්වොත් කුණුහරප ගොඩක් වෙනව මේක
No comments:
Post a Comment