Thursday 16 May 2019

2020දී එන වට්ස්ඇප් ඇඩ්ස්

මේක ටිකක් බයවෙන්න ඔිනි කාරනාවක්. මයික්‍රොප්ලාස්ටික් කියන්නෙ පුංචිම පුංචි ප්ලාස්ටික් කැබලි. සමහර ඒව ඇස්වලින් දකින්න පුලුවන් උනත් සමහර ඒව අන්වීක්ෂියයි. සයිස් එකෙන් කිව්වොත් මිලිමීටර් 5 සහ ඊට කුඩා ප්ලාස්ටික් කැබලි. මේවයින් වෙන ලොකුම සීන් එක තමයි අපි ගන්න ආහාර වලින් අපි නොදැනුවත්වම මේ මයික්‍රොප්ලාස්ටික්ස් අපේ ශරීරය තුලට යන එක. ඒ වගේම එ්ක ගොඩක් භයානකයි. මොකද මේව හින්ද ගොඩක් ලෙඩ රෝග හැදෙන්නත් පුලුවන්(පිළිකා වැනි). මේව බහුලවම තියෙන්නෙ ජලය තුල. අපි ආහාරයට ගන්න මාළු ඇතුළු සියලු මුහුදු ජීවීන්ගේ මේව සෑහෙන්න අඩංගු වෙනව. දිනකට බරගානක් සාගර ජීවීන් මැරෙනවලු මේ මයික්‍රොප්ලාස්ටික්ස් අහාරයට ගැනීම නිසා. 2014 වන විට සාගරය තුල මයික්‍රොප්ලාස්ටික්ස් ට්‍රිලියන 51ට වැඩි තියෙනව කියල හොයාගෙන තියෙනව. දැං සෑහෙන්න වැඩි වෙලා ඇති. අපි බොන ජලයෙත් මයික්‍රොප්ලාස්ටික්ස් තියෙනවලු. කරන්න දෙයක් නෑ ඉතිං අපිම ජලයට එකතු කරපු ප්ලාස්ටික් බෝතල් වගෙ දේවල් තමා ඉතිං අපි පස්සෙං දැං පන්නන්නෙ. කාලයක් යනකොට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නත් බැරි නෑ..

Picture: Show | Picture2: Show | Picture3: Show

අද ඉදන්වත් මුහුදට, ගඟට, ඇලට, දොලට වතුර තියෙන කිසිම තැනකට අපද්‍රව්‍ය බැහැර නොකර ඉමු.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X