Friday 13 July 2018

කූඹියෝ කියන්නේ සුවිශේෂී සත්ව කොට්ඨාශයක්

නැතුව ඉතිං. සුවිශේෂි නැතෑ, මන්නං ජීවිතේට දැකපු කඩිසරම සතා තමා කූඹියා. අනික මේ යක්කු නැති තැනක් තියෙනවෑ. සත්තු ගැන එහෙං මෙහෙං ලියන හින්දා කූඹි ගැන තමා මේ පාර ලයින් එක දෙන්න යන්නෙ. දන්නවනෙ කූඹි ටිකක් සෙට් උනහම ඔිනි වැඩක් කරනවනේ, එ්කට කියන්නෙ එකමුතුකම කියල. මිනිස්සු ලඟ දකින්න අඩුයි.

01. කූඹින් අධිමානුෂිකයි, මොකද මෙයාලට එයාලගෙ බර වගෙ 10 ගුණයත් 50 ගුණයත් අතර බරක් ඔසවාගෙන යන්න පුලුවන්.
02. එයාලට පෙනහළු නෑ. ඔය අැඟ වටේට තියෙන සිදුරු වගේකින් අාශ්වාස ප්‍රස්වාස නං කරනවලු.
03. එ් මදිවට කන් අැත්තෙත් නෑලු. එ්කෙන් කියවෙන්නෑ එයාල බිහිරියි කියල.
04. කූමියෝ ගොවියෝ කියලත් හඳුන්වනවා. එ්කට හේතුව මෙයාලාගෙ අාහාර ගබඩා කිරිමේ ක්‍රියාවලි සහ ගොඳුරු අල්ලන සතුන්ගෙන් අාරක්ෂා වෙන්න ගන්න උපක්‍රම වැනි දේවල්.
05. කූඹියෙක්ට තියෙනවා අාමාශ(බොකු) 2ක්. එකක් තමන්ට අාහාර ගන්නත් අනෙකේ තිබෙන අාහාර අනෙක් අය අතර බෙදාගැනීමටත්.
06. කූඹි වසර මිලියන 130 කටත් එහා කාලෙ මේ ලෝකෙ ජීවත් වෙලා තියෙනවා. ඩයිනෝරයො වගෙ තමා අෑ.
07. ලොවපුරා 12,000 කට වඩා කූඹි වර්ග ඉන්නවාලු.
08. අා මං වීඩියෝ එකක දැකල තියෙනව කූඹින්ගෙ යුද්ධ තියෙනව.

මුංගෙ අැඟේ හැටියට නෙමේනෙ යකෝ වැඩ, හුම්

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

අසිත යොමාල්ගේ ටකබුං

X