Wednesday 13 June 2018

අැයි එහෙම උනේ? ලංකාවට

ලංකාව කියන්නෙ අමුතු මිනිස්සු ඉන්න අමුතු රටක්. අැත්තටම කිවුවොත් අපේ දේ අගය කරමු කිය කිය කියෙවුවට එහෙම වෙන්නෙ නෑ කියල කියන්න පුලුවන්. ඉස්සර ටී.වී එකට අපේ එකෙක් සිංදුවක් දාන්න ගියොත් සිංදුවෙ අයිතිකාරයා චැනල් එකට සල්ලි දෙන්න ඔිනිලු(පැකේජ්). හැබැයි එ් චැනල් එකම කිසිම මුදලක් අයකරන්නැතුව ඉන්දියාවෙ සිංදු, චිත්‍රපටි, කතා පෙන්නනව(අමු හෙලුව එක්ක). ඉතිං කොහොමද කියන්නෙ අපේ දේ අගය කරනව කියලා. අපේ එකෙක්ගෙං අැහුවොත් වැඩියෙන්ම අාස නළුවා කවුද කියලා, කියයි ශාරුක් කාන්, සල්මන් කාන්, ධනුෂ්, සූර්යා වගෙ නම් කියයි. හැබැයි අපේ දේ අගය කරන මිනිස්සු. සිංහල සිංදුවක්, චිත්‍රපටයක් ඉන්දියාවෙ විකාශය උනා කිවුවොත් එ්ක නිර්මාණය කරපු කෙනාට අැත්තටම මාර ලොකු දෙයක්(සතුටට දඩස් ගාල මැරිල වැටෙයි). හැබැයි ඉන්දියාවෙ සිංදුවක් හරි මොන මගුලක් හරි අපේ රටේ විකාශය වෙනව කිවුවොත් එ්ක හදපු කෙනා අහයි, ඉතිං? කියලා. නිකමට බලහං ඔය ලස්සන වෙන්න තියෙන ටැබ්ලට්ස් , කැප්සියුල්ස් එහෙම ප්‍රමෝට් කරන්නෙ ඔිස්ට්‍රේලියාවෙ, ඉන්දියාවෙ, ජපානෙ, අරෙහෙ මෙහෙ කිය කිය. මිනිස්සු අපේ දේ අගය කරනවනං එහෙම වෙයිද?
සේරම කියන්න ගියොත් මගෙ ප්‍රතිපත්තිය කැඩෙනවා. දැනටත් ටිකක් කැඩිලා.
තේරුම්ගනිං බොක්ක, කතාවට වඩා ක්‍රියාව සෑහෙන්න වැදගත්.
මට බයයි කවදාහරි අපිට කියල රටක් නැති වෙයිද කියලා.

මේ රටේ මිනිස්සු, තනිකර කෙලින්නෙ පිස්සු..// නිකමට කියපු සිංදු නෙවෙයි

1 comment:

  1. අනේ ඉතිං මෙච්චර අන්තර්ජාතික අපිට ජාතිවාදියෝ කියල කියනවනෙ.ඒ උනාට ලංකාවෙම දෙමළ චැනල් එකක් දාල බලන්නකො තනිකර දෙමළ විතරයි.ඉංග්‍රීසි ඒවගෙ ඉංග්‍රීසි විතරයි.පාරට බැහැල මරාගෙන රටේ නම කනව.මේව පේන්නෑ.

    ReplyDelete

අසිත යොමාල්ගේ ටකබුං

X