Wednesday 13 June 2018

කෝ යකෝ වවුලා

වවුලො කිවුවහම කොච්චර වවුලො ඉන්නවද නේද. කිරි වවුලො කියයි මා වවුලො කියයි, තව ටකබුං දන්න එකක් තියෙනව කියන්න ලැජ්ජයි අයියොහ්. අැත්තටම වවුලොන්ට දවල්ට අැස්පේනව හොරයි කියන එක රහසක් නෙවෙයිනේ. හැබැයි අාලෝකය මෙයාලට දරාගන්න අමාරුයි කියනව මිසක් අන්ධයි කියලනං විද්වත්තු කවුරුත් කියන්නෑ. මොනව උනත් දවල්ට ටිකක් හැංගිලා වගෙ තමා ඉන්නෙ. හිටියොත් ඉතිං පාරෙ කරන්ට් කේබල් එකක හරි රෙදි වැලක හරි තමා. මෙයාලගෙ කණ තමා තියෙන වටිනම උපාංගෙ මම දන්න විදිහට. මොකද රෑට ඉගිල්ලෙන ගමං කන් වලින් සිග්නල් එකක් දිදීලු යන්නේ. එ්ක මෙයාලට වාසිදායකයි. අපි ගොඩක් දන්නෙ වවුලො පළතුරු කනව කියලනේ. හැබැයි මෙයාල එක රැයකට සෑහෙන්න කුඩා කෘමීන් පුමාණයක් ගිලදානව. විශේෂයෙන් මදුරුවො, පැයකට දාහකට වඩා ගිලිනවලු. තවත් විශේෂ දෙයක් තියෙනව, වවුලොන්ට අැවිදින්න බෑ. එයාලට තියෙන්නෙ සිහින් අැටකැබැල්ලකින් සමන්විත කුඩා කකුල්. එ්කහින්දා එ්වයින් අැවිදින්න ගියොත් ජරස් ගාලා කඩලා යනවා. අන්නේකයි වවුලො එල්ලිලා ඉන්නෙ.

එල්ලිලා ෂැපේ ඉන්නෙ බ්‍රෝ, උඩ ඉන්නෙ උඩ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X