Friday 10 August 2018

අැස්කණ්නාඩියේ ගුණාත්මක භාවය රැකගමු

මචං අැස්කණ්නාඩිය කියන්නෙ හොඳට ප්‍රවේසම් කරගන්න ඔින එකක්. මං දන්න විදිහට අැස්කණ්නාඩියක පැවැත්ම වසර 3ක් විතරලු. හැබැයි මං මේ කියන විදිහට පිරිසිදු කරල පාවිච්චි කලොත් සෑහෙන්න කාලයක් එ්කෙ ගුණාත්මකභාවය රඳවාගන්න පුලුවන්. ඔය පහත දීල තියෙන විදිහට සතියකට වරක්වත් අැස්කණ්නාඩි යුගලය පිරිසිදු කරගන්න.

01. මුලින්ම සබන් දමා දෑත් පිරිසිදු කරගන්න. පසුව තුවායකින් අත් හොඳින් වියලා ගන්න.
02. උපැස් යුවල අතට රැගෙන ටැප් එකක් විවෘත කර අැල් ජලයෙන් හොඳින් සෝදාගන්න.(උණු ජලය නුසුදුසුයි).
03. සේදුම් දියරයක්(ෆේස් වොෂ්, ෂැම්පෝ වඩා සුදුසුයි) භාවිතා කර වීදුරු අැඟිලි තුඩු වලින් හොඳින් සෝදා ගන්න.
04. ඉන්පසු පිරිසිදු තුවායක් රැගෙන(කූචි කූචි සොෆ්ට් එකක්) කණ්නාඩිය හොඳින් පිසදා ගන්න.
05. පදිරියටම තියෙනවනං එච්චරයි ඉතිං.

මටනං දැං හතලිස් අැඳිරිය කොල්ලෝහ්

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X