Wednesday 8 August 2018

අැන්ඩ්‍රොයිඩ් 10 - Q අකුරට මොන වගෙ නමක් දායිද?

මෙච්චර කල් ගේම ගහගෙන ගියා තමයි. ඉස්සරහට ගේම ගහගෙන යන්නැතුව බෑනෙ ඉතිං. අපි කවුරුත් දන්නවනෙ අැන්ඩ්‍රොයිඩ් එකේ නම් දාන්නෙ ඉංග්‍රීසි හෝඩියෙ පිළිවෙලට වගේම පාදක කරගන්නෙ මොකක්හරි අතුරුපසක්. ඔය අැන්ඩ්‍රොයිඩ් N සහ O වලදිත් නම තෝරගන්න අැන්ඩ්‍රොයිඩ් ටීම් එක මහජන උදව් පැතුව කියල කියනව. එයාල දාන්නෙත් ටිකක් ලස්සන නමක්නෙ තොරල. මේ එ්යි හැබැයි සමහරු කියනවලු අැන්ඩ්‍රොයිඩ් 10 එකට අතුරුපසක් නොදා එ් නමින්ම හඳුන්වා දෙයි කියල. තවත් සමහරු කියනව අැපල් වගේ අැන්ඩ්‍රොයිඩ් X කියල නම් කරයිලු. එච්චර ගොං රංගනයක්නං එයාල දාන එකක් නෑ. ලංකාවෙ එක්කෙනෙක් ට්විටර් එකේ කියල තියෙනව දැක්ක Qurahan Thalapa කියල යෝජනා කරමු කියල. එ්කත් නරක නෑ ඉතිං. කොහොම නමුත් ඔය පහල තියෙන නම් ටික තමයි දැනට දායි කියල කට්ටිය වැඩිපුර හිතං ඉන්නෙ. මන්නං ඔතන තියෙන එකක්වත් දන්නෙ නෑ.

01. Android 10 Qurabiya
02. Android 10 Quindim
03. Android 10 Queen of Puddings
04. Android 10 Qottab
05. Android 10 Quesito
06. Android 10 Queijadinha
07. Android 10 Quirks
08. Android 10 Quinoa
09. Android 10 Quail
10. Android 10 Quesadilla
11. Android 10 Quiche

මොන මගුලක් ගහගත්තත් අපිට මොකෝ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X