Friday 10 August 2018

වෝකිං ඩෙඩ් 9වන කතා මාලාව

අැවිදින මළමිණී. සොම්බියක් බ්‍රෝ. ගොඩක් මිනිස්සු අාදරය කරපු පට්ටම කතා මාලාවක් තමා වෝකිං ඩෙඩ් කියන්නෙ. මේ වෙනකොට සීසන් 8ක් නිකුත් උනා. එක එක විදිහට කතාව ගලාගෙන ගියා. මාත් පිස්සුවෙං වගෙ බලාපු එකක්. ඔන්න ඔක්තොම්බර් එනවලු මේකෙ 9 වන කතා මාලාව. 2018 ඔක්තොම්බර් 7 තමා අැමරිකාවෙ AMC නාලිකාව හරහා විකාශය වෙන්න නියමිත වෙන්නෙ. අන්තර්ජාලයටත් ඉතිං දවසක් දෙකක් යනකොට වැටෙයි ඩෝං ගාල. කටකතා ගොඩයි ඉතිං, සමහරු කියනව රික් මැරෙනවලු මේකෙදි, ඊටපස්සෙ ඩෙරල් නායකත්වය භාරගන්නවලු. එහෙම වෙයිද? මටනං හිතාගන්න බෑ, මොකද එයාට තාමත් තියෙනව බලාපොරොත්තුවක්. එ් එයාගෙ පුංචි දුව ගැන. රික් මැරෙයි කියල සැකයකුත් එනව මොකද 8 වන කතාමාලාවෙදි රික්ගෙ පුතා කාර්ල් කොලුවත් මැරෙනවනෙ. රික්ගෙ හයියට ඉඳපු කොල්ලා ඉතිං. රික් මලොත්නං ඉතිං කතාවෙ තියෙන ගැම්ම ගඟේ ගහං ගියා වගෙ වෙයි. තව එකක් තියෙනව මෙම සීසන් එකේදි දුෂ්ටයො ගොඩක් ඉඳී කියලත් කියනව. කොහොම උනත් වොකිං ඩෙඩ් පිස්සො ටික සූදානං වෙලා ඉන්න ඉතිං අාපු හැටිය බාගෙන බලන්න.

සබ් නැතුව මුලින් බලනව, පස්සෙ සබ් අාවට පස්සෙ සිංහලට දාගෙන බලනව

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X