Saturday, 14 July 2018

Chiang Rai පලාතේ වනාන්තරයකට ඉහලින් අැති බුද්ධ ප්‍රතිමාව

දැන් අවුරුද්දක විතර ඉදන් සමාජ ජාලා තුල ජනප්‍රිය වෙච්ච බුදු පිළිමයක් තියෙනව. මේක නිර්මාණය කරල තියෙන්නෙ වනාන්තරයකට ඉහලින්. අැත්තටම ඔිනෙම කෙනෙක්ගෙ හිත අැදගන්න පුලුවන් විදිහට මේ නිර්මාණය කරල තියෙනවා. ඉතිං ගොඩක් අයට ප්‍රශ්නයක් තිබුනා කොහෙද මේක තියෙන්නේ කියලා. මොකද මේක ගැන සිංහලෙන්වත් ඉංග්‍රීසියෙන්වත් තොරතුරු හොයාගන්න සෑහෙන්න අමාරුයි. මම මේ ගැන දැනගත්තෙ Twitter එකට හාමුදුරු කෙනෙක් විසින් දාපු පින්තූරයකින්. මෙම ප්‍රතිමාව තියෙන්නේ තායිලන්තයේ Chiang Rai කියන පලාතේ Ban Mea Kajan නම්වූ ප්‍රදේශයේ. තායිලන්ත සවාරි යන කෙනෙක්නම් මේක යන්නම ඔිනි තැනක්. පහත තියෙනවා පින්තූරයක් හා වීඩියෝවක ලින්ක්. ඔය වීඩියෝවනං නිර්මාණය අවසන් කරන්න කලින් ගත්තු එකක්. පින්තූරයෙ තියෙන්නෙ දැන් තියෙන විදිහ. යූටියුබ් එකේ තවත් වීඩියෝ ගනනාවක් තිබුනා. බලන්න ඔිනිනං යූටියුබ් එකට ගිහින් ม่อนพระงาม แม่ขะจาน เชียงราย ලෙස ටයිප් කරල සර්ච් කරන්න.

Picture: imgsafe.org | Video: youtube.com

එ් වනාන්තර අාරක්ෂා කරල තියෙන විදිහ අපේ රටට අාදර්ශයක්

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X