Thursday, 26 July 2018

ලැප්ටොප් එකේ කැමරාව හැක් කරගන්නෙපා

මම දවසක් බුකියෙ උඩට පහලට යනකොට එකෙක් පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාල තිබුනා ගේම් එකක් කියල ලින්ක් එකක්. මාත් ගිහිං බාල එහෙම රන් කලා. මුකුත්ම වින්ඩෝ එකක් එන්නෑ. සත්ත පහකට ගනං ගන්නැතුව මං සුපුරුදු වැඩ කරගෙන ගියා. ටික වෙලාවක් යනකොට මං දැක්කා ලැප් එකේ කැමරාව ගාව තියෙන ලයිට් එක ON වෙලා තියෙනව. කරකියාගන්න දෙයක් නැත්තෙ නෑ ඉතිං. ටාස්ක් මැනේජරේ ඔිපන් කරගෙන නොදන්න අැප් මොනවද කියල බැලුවා, ඊටපස්සේ එ්ක හම්බුනා. මම ප්‍රොසෙස් එක නැවැත්තුවේ නෑ. එතනින් රයිට් ක්ලික් කරලා Open file location ක්ලික් කලා. ඊටපස්සෙ ටාස්ක් එක Stop කරල, ෆයිල් ඔක්කොම ඩිලීට් කලා. සමහර වෙලාවට ඔය ප්‍රොසෙස් වල නම් දාල තියෙන්නෙ වින්ඩෝස් එකේ තියෙන ප්‍රොසෙස් වල නම් වලින්. කෙල්ලො එහෙම අහුවෙන්න පුලුවන් අවස්ථා තමා ඉතිං ඔිවා. එයි ඉතිං අනේ එකක් ලීක් වෙලානෙ කියාගෙන. හොඳම වැඩේ නොදන්න තැන් වල තියෙන ෆයිල් ඉන්ස්ටෝල් කරගන්නැතුව ඉන්න එක. එ් නැතත් අවිශ්වාස අය ලවා කම්පියුටර් රෙපෙයාර් කරගන්නවනං එ්ක පට්ට භයානක වැඩක්. මතක තියාගන්න කෙල්ලනේ ලඟම ඉන්න උං තමා කෙලලම දාන්නෙ කියන එක. කොල්ලොංගෙ මැසින් වල කැමරා හැක් කරල බම්බු ගහන්නයෑ. තව එකක් වයිරස් එකක ප්‍රමාණය ගොඩක් පොඩියි. ඩවුන්ලෝඩ් කරනකොට ෆයිල් එකේ සයිස් එක හෙන පොඩිනං(කිලෝබයිට් 100ට අඩුනං) පොඩ්ඩක් එ්ක ගැන සැකෙං ඉන්න.

මමනං පස්සෙ අර හරකා විකුණල බූරුවෙක් ගත්ත

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X