යූටියුබ් කියන්නෙ ඉතිං මොකටද එ්ගැන කතා. පට්ටම වෙබ් එකක්නෙ අද තියෙන. එ්ක නැති උනානං ඔය ගොඩක් ගායකයො, වීඩියෝ කෑලි හදන අය ජනප්‍රිය නොවෙන්නත්, නැත්තටම නැතිවෙන්නත් තිබුන. එක අතකට බැලුහම මේක දුප්පතාගෙ හිතවතා වෙච්ච අවස්ථා බොහෝමයි. හැබැයි සමහර අය මේකට අාපු කාලෙ හෙන අහිංසකයි, පොඩ්ඩක් ජනප්‍රිය උනාම... එ් ගැන කතා නොකර ඉමු. මෙන්න යූටියුබ් ගැන තොරතුරු ටිකක්.
01. හැම මිනිත්තුවකදිම මේකට පැය සීයකට වඩා වීඩියෝ එකතු වෙනවලු.
02. පේපෑල් සමාගමේ වැඩකල තිදෙනෙක් අතින් තමා මේක හැදෙන්නෙ.
03. නිමවී වසර එකහමාරකට පසු ගූග්ල් මෙය ඩොලර් මිලියන 1.65කට මිලදී ගන්නව.
04. ගන්ගම් ස්ටයිල් ගීතය තමයි අදටත් වැඩිම වීව්ස් ගානකට හිමිකම් කියන්නෙ.
05. යූටියුබ් එකේ ප්‍රධානී කාන්තාව තමා 1998දි ගූග්ල් සර්ච් එන්ජිම හදන්න ලැරී පේජ් ටයි සර්ජි බ්‍රින් ටයි ගරාජ් එක දීල තියෙන්නෙ.
06. යූටියුබ්හි සර්ච් එන්ජිම තමා ලොව දෙවනියට විශාලම සර්ච් එන්ජිම.
07. අදටත් වැඩිම ඩිස්ලයික් හිමි වීඩියෝව ජස්ටින් බීබර්ගෙ බේබි සිංදුව.
මට තියෙන ප්‍රශ්නෙ අැයි මෙච්චර ඉක්මනට යූටියුබ් එක විකුණුවෙ කියල
No comments:
Post a Comment