Friday 20 July 2018

සමහර අාහාර වර්ග වල පුදුම හිතෙන සීන්

බඩජාරියෙක් වගෙ කෑම ජාති කෑවට වැඩක්නෑ , එ්ව ගැන වගතුග එහෙං මෙහෙං වත් දැනගෙන ඉන්න ඔිනි. නැත්තං මොකටද මේ ලෝකෙ ජීවත් වෙලා. ප්‍රශ්න අහල අහල පහල ඉන්න කට්ටියව කොර කරන්න එහෙම පුලුවන් ඉතිං මේ වගෙ තොරතුරු දැනගෙන ඉන්න අයට.

01. මෙතෙක් විකිණී තිබෙන ඔලිව් ඔයිල් වලින් 70%ක් විතර පිරිසිදු එ්වා නෙමේලු. හෑපූ.
02. සියයට සියයක් ස්වභාවිකයි කියල විකුණන ඔරේන්ජ් ජූස් සියයට සියයක්ම කෘතිම යි.
03. චොකලට් එක් වරක මුදල් එ්කකයක් විදිහටත් භාවිතා කරල තියෙනව.
04. උදේට අවදි උන ගමං කොෆි එකක්, තේ එකක් බොනවට වඩා ගැම්මක් එනවලු අැපල් ගෙඩ්ඩක් කෑවම.
05. පොප්සිකල් එක හදල තියෙන්නෙ අවුරුදු 11ක ලමෙක්, එ් 1905දී.
06. මී පැණි කියන්නෙ කිසිම දාක නරක් නොවන කෑමක්(ජීවිතේට නරක් වෙන්නෑ).
07. පිපිඥ්ඤා වල 96%ක්ම තියෙන්නෙ වතුර කියන්නෙ.
08. වෙජිටේරියන් ඩයල් එකක්නං ජෙලටින්(ජෙලි) කන්න බෑ. මොකද එ්ව හදන්න සත්තුංගෙ කොටස් පාවිච්චි කරනව.
09. බාර්කෝඩ් සහිතව නිකුත් කල ප්‍රථම අාහාරය චුයින් ගම් වර්ගයක්ලු.
10. කැරට් ගොඩක් කෑවොත් පට්ටෙට පැහැපත් වෙනවලු. හැබැයි අමුවෙන්.

මැනිං මාකට් එකට ගිහිං කැරට් ගෝනියක් අරං එන්නෝනි

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X