Thursday 19 July 2018

ලොවක් කනපිට පෙරලූ ස්ටීව් ජොබ්ස්

අැපල් සමාගම නිර්මාණය කිරීම නිසා ලෝකයක් අාදරය කරන්න පටන්ගත්ත පුද්ගලයෙක් තමා ස්ටීව් ජොබ්ස් කියන්නෙ. මොහු ජීවත්ව සිටි කාලයේ අතිවිශාල නිර්මාණ ප්‍රමාණයක් බිහිකරල තියෙනව. එයින් අයිෆෝනය, මැක් පරිගණකය සරල උදාහරණ විදිහට දෙන්න පුලුවන්. මට මතක විදිහට මෙයා ගැන ෆිල්ම් 2ක් විතර අාව. මම එ් දෙකම බැලුවද කොහෙද. එ්ව බැලුහම නං හිතෙනව පොර පිස්සෙක්ද කියලත්. කොහොම නමුත් පහල තියෙන්නෙ ඔහු ගැන විශේෂ තොරතුරු කීපයක්.

01. ස්ටීව් ජොබ්ස් ඉපදුනු විගස ඔහුව හදාගැනීමට වෙනත් යුවලකට බාරදෙනවා. ඔහුගේ රියල් පියා සිරියානු ජාතිකයෙක් වන අතර මව අැමරිකානු ජාතික කාන්තාවක්.
02. ඔහුගේ අවසන් වචන කිහිපය උනේ "Oh wow. Oh wow. Oh wow". පුදුමයි, මොකද මිනිහෙක් ඔහොම කියයිද මාව බේරගනියව් කියල කෑගහනව අැරෙන්න.
03. ඔහු සංචාරයකට ඉන්දියාවට අාපු අවස්ථාවක ඔහුගේ හිත බුදු දහමට අැදුනලු.
04. හද්ද කපටියෙක්, ඔහුගේ මිතුරා සමග 50/50 ලාභ බෙදාගැනීමේ අරමුණින් අටාරි සමාගමට ගේම් එකක් නිර්මාණය කල අතර එයින් ලැබුනු මුදල ඩොලර් 5000ක් උනා. නමුත් ඔහු මිතුරාට පැවසුවේ ඩොලර් 700ක් ලැබුනු බවත් එයින් 350ක් දියහැකි බවත්ය.
05. පට්ට උත්සාහවන්තයෙක්, 1985දී එක්වරක අැපල් සමාගමෙන් ඔහුව නෙරපා හැරියත් ඔහු තනිවම Pixar නම් සමාගමක් නිර්මාණය කලා. එය අදටත් පවතින අැනිමේෂන් හදන කම්පැණියක්. පසුව අැපල් කඩන් වැටුනු පසු ඔහුගේ තනතුර යලි 1997දී අැපල් අායතනය තුල ඔහුට ලැබුනා.
06. මොහු නායකයෙක් විදිහට තදයෙක්ලු.
07. අැපල් සම-නිර්මාතෘ ස්ටීව් වොස්නියැක් කියන විදිහට ජොබ්ස් කවදාවත් ක්‍රමලේඛණ ඉගනගැනීමට උනන්දුවක් දැක්වුවෙ නැහැල්ලු.


දොඩං වගෙ නමක් දාල කම්පැණියක් ගහන්න කවුද එන්නෙ?

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X