Tuesday, 5 June 2018

තම්බමු බිත්තර

බිත්තර තම්බනකොටත් ඉතිං පිළිවෙලකට කරන්න ඔිනි. මොකද එක්කෙනෙක්ට හොඳට තැම්බිලා අනිකට බාගෙට තැම්බිලා හරියන්නෑනෙ. උං දෙන්නා බිත්තරේට මරාගන්නවනෙ. ගොඩක් අය අතින් වන අතපසුවීම් නිසා තමා මේක හරියට කරගන්න බැරි. ඉතිං පහත දීලා තියෙන පියවර අනුගමනය කලොත් ලේසියෙන්ම වැඩේ කරන්න අැහැක් වෙයි.
1. බිත්තර එක මත එක නොහිටින විදිහට බඳුනේ අසුරන්න ඔිනි.
2. බිත්තර අතර පරතරය අඟලක්වත් තියෙන්න ඔිනි.
3. සියලුම බිත්තර වැහෙන්න වතුර පුරවන්න ඔිනි.(බිත්තර වලින් අඟලක් උඩට තිබුනහම අැති.)
4. කුඩා බිත්තර මි.9ට නොඅඩුව , සාමාන්‍ය බිත්තර මි.12ට නොඅඩුව, ලොකු බිත්තර මි.15ට නොඅඩුව තම්බා ගන්න.
5. ඉන්පසු බිත්තර ටික බඟුනෙන් ඉවතට ගෙන සිසිල් වන්නට ඉඩහරින්න.
6. හොඳින් සිසිල් වූ පසු කටු ඉවත් කරගන්න.
මේකිලාට බිත්තරයක්වත් හරියට තමිබ ගන්න බෑනෙ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X