Tuesday 12 June 2018

ක්‍රෙඩිට් කාඩ් පිහි

ලෝකේ පිහි වර්ග කොච්චරනං තියෙනවද. හදිස්සියකට පාවිච්චි කරන්න පොඩි පිහියක් ලඟ තියෙනවනං ගොඩක් හොඳයි(හොරෙං කෙහෙල් කැනක් එහෙම බානවනං). හැබැයි ඉතිං පොඩි පිහියක් උනත් යන යන තැන ගෙනියන්න අමාරුයි. හරී කරදර අයියොහ්. මමනං මේක දැකල ගොඩක් කල් වෙනවා. මුලින්ම දැක්කේ ඊබේ එකේ. ලංකාවෙනං තියෙනවද දන්නෑ. මේ පිහියෙ හැඩේ ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ. වොලට් එකේ දාගෙන යන්න පුලුවන්. මේ පිහිය ක්‍රෙඩිට් කාඩ් එකක් වගෙ හකුලලා තියෙන්නේ. දිගෑරලා තමා ගන්න තියෙන්නේ. ඊබේ එකේ රුපියල් 120ක් විතර වෙනවා. අැයි ඉතිං රුපියල උඩු හුලඟට අහුවෙලානෙ. පහල තියෙන පින්තූර බලන්න.

Picture: imgsafe.org | Ebay Link: ebay.com

බාන්නෝනි හොරපොල් වල්ලක්

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X