Friday, 1 June 2018

කැසට් කාලෙ පට්ට

පොඩිකාලෙ මායි අයියයි කොහේ හරි ගෙදරකින් කැසට් පීස් එකක් ඉල්ලගෙන අැහිල්ල ගෙදර තිබුන බැටරි කැසට් එකට දාල අහනවා. (අපිට කරන්ට් හම්බුනේ 2008 විතර), දමිත් අසංක, චාමර වීරසිංහ, අජිත් මුතුකුමාරණ ලගෙ එ්ව තමා අැහුනෙ. හේතුව මොකද්ද කියල කියාගන්න තේරෙන්නෙ නෑ. කැසට් වල හොඳනෑ කියල කියන්න සිංදුවක් හොයාගන්න අමාරුයි. අනික දැං වගෙ නෙවේ එ් ගායකයො එකා එකා පස්සෙ ගියෙ නෑ. තමන්ගෙම කියල අනන්‍යතාවයක් හදාගෙන ගමන ගියෙ. "සිතේ පෙම් පුරා / සිතින් විතරක්" පිස්සු හදාපු කැසට් තමා.

කැසට් තමා අාපු හොඳම ට්‍රෙන්ඩ් එක. අායෙ ජීවිතේට එන්නෙත් නෑ..

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X