කතාකරන්න දෙයක් නෑ පට්ටම ඩීසන් පොරක්(අැඳුමෙනුත්, කතාවෙනුත්). බස් වල කොච්චර සිංදු කියන අය ඉන්නවද, හැබැයි මං දැකපු නියම මාවතේ ගායකයෙක් තමා මාවතේ ජෝති කියන්නෙ.
අලුත් පාලම හරියෙන් බොරැල්ල පැත්තට යන බස් වලට තමා වැඩියෙන් නගින්නෙ. සුපිරියටම සිංදු 3ක් කියනව. බොංගො එකක්, මයික්‍රොෆෝනයක් සමග පුංචි කැසට්ටුවක් ඔහු සතුයි.
සල්ලි නොදුන්නත්, රුපියල් 5ක් දුන්නත් , රුපියල් 100ක් දුන්නත් එකම විදිහට හැමෝ එක්කම හිනාවෙලා බස් එකෙන් බැහැල යන්නෙ. සිංදු 3ට රුපියල් විසි තිස්දාහ දීල ගායකයො ගෙන්වන රටේ මොහුට සමහර වෙලාවට රුපියල් 20ක්වත් එකතු වෙන්නෑ.
දවසක් හවස් වෙලා මෙතුමා ගෙදර යන්න මං ඉඳපු බස් එකටමයි නැග්ගෙ. මං දැක්කා කොන්දොස්තර මහතාට සල්ලි දීලා ටිකට් එකකුත් ගන්නවා.
අැත්තටම මෙන්න මහත්වරු.
No comments:
Post a Comment