Monday 9 July 2018

Timehop හැක් වෙලා - මිලියන විස්සකගේ තොරතුරු වලට බඩු

ටයිම්හොප් කියන්නෙ ස්මාර්ට්පෝන් වලට තියෙන අැප් එකක්නෙ. මේකෙන් කෙරෙන්නෙ ඔය ෂෝෂල් මීඩියා වලට දාන පෝස්ට් පෝටෝ වගෙ දේවල් එකතුකරල තියාගන්න එකනේ. ඔයත් ටයිම්හොප් පෝන් එකට ගහගෙනනං පොඩ්ඩක් විපරං කරල බලන්න. මෙයාල හොඳට අාදායම් ලබන කම්පැනි හින්දා හැකර්ල පොඩ්ඩක් ගේමක් ගහල කීයක්හරි කඩාගන්න තමා බලන්නෙ. අාතල් එකට කරලද දන්නෙත් නෑ අපේ ජනපතිට උනා වගේ. මෙයාලගෙ වෙබ් අඩවියෙම සටහන් කරල තියෙනව අැප් එක පාවිච්චි කරන අය මිලියන 21කගෙ තොරතුරු සොරාගෙන වගේම විනාශ කරල තියෙන බවට. ඊමේල් අැඩ්‍රස්, ෆෝන් නම්බර්ස්, යූසර්නේම්ස් එ්වාට අදාල වෙනවා. දැනට ඉතිං ලොකු ලොකු දත්ත අාරක්ෂණ නිළධාරීන්ගෙන් උදව් අරගෙනලු තියෙන්නේ. මේ හැකින් ප්‍රහාරය සිදු වෙලා තියෙන්නේ පසුගිය 4 වෙනිදා. ඉස්සරහට හොඳ අාරක්ෂණ විධි විධාන එක්ක භාණ්ඩෙ නිකුත් කරනව කියල තමා කියන්නේ.

ටයිම්හොප් නිවේදනය: www.timehop.com

කට්ටියට හිතෙනාද දන්නෑ ටකබුං වත්ද මේක හැක් කරල තියෙන්නෙ කියල

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X