Friday, 6 July 2018

තරු පහේ හෝටලේක පොරක් වගේ හැසිරෙමු

හෙන... ලයින් දුන්නට ටකෙයා තාම සයිවර් කඩවලින් මිසක් ලොකු ලොකු පොට් වලින් කාලා නෑ. එ්උනාට එයා තොරතුරු හොයනව. ඔයත් ටකේ වගෙ වෙන්න. ඔිනි එකයි එපා එකයි හැම මගුලම හොයන්න. හා..හා.. අැති අැති. ඉතිං පල්ලෙහා දීල තියෙනව ලිස්ට් එකක් විදිහට තරු පහේ ස්පොට් එකකට ගිහාම හැසිරෙන්න ඔිනි විදිහ. මේව හෙන වැදගත් සුන්දරේ.
01. අසුන්ගත වෙන්නේ පිළිවෙලකට. Host(H) - ප්‍රධානියා, Host2(H2) - දෙවන ප්‍රධානියා, G - අාරාධිත අමුත්තෙක් ඉන්නවනං, අනෙක් අය ප්‍රධානියාගෙ සිට දකුණු පසට තමා වාඩිවෙන්නේ. [පින්තූරය]
02. අත්පිස්නාවක් අැති. එ්ක ඔයා පුටුවෙ වාඩිවෙලා ඉන්න වෙලාවට උකුලෙන් තියාගන්න. කෑම අතරමැද තාවකාලිකව කොහෙට හරි යනවනං(වොෂ් රූම් වගෙ) අත්පිස්නාව පුටුව උඩින් තියලා යන්න. කෑම අරගෙන සම්පූර්ණයෙන්ම ඉවරයිනං අත්පිස්නාව කෑම ගත්ත ප්ලේට් එකේ වම් පසට වෙන්න මේසෙ උඩින් තියන්න. [පින්තූරය]
03. ගෑරුප්පුව වමතටත් , පිහිය දකුණතටත් ගන්න. [පින්තූරය]
04. සුළු විවේකයක් ගන්නවනං(එකදිගට කන්න බෑනෙ ) පිඟාන මත , ගෑරුප්පුව මත පිහිය ක්‍රොස් වෙන්න තබන්න ඔිනි උඩුබැලි අතට. [පින්තූරය]
05. කාලා ඉවරනං ගෑරුප්පුව සහ පිහිය වෙන වෙනම පිඟාන මත තබන්න. [පින්තූරය]
06. යමෙක් ලඟ නැති දෙයක් තව කෙනෙක්ගෙන් ඉල්ලනවනං, එ්ක පාස් කරල යවන්න ඔිනි වමේ සිට දකුණට.
07. සුප් එක පට්ට රස්නෙනං, එ්ක පිඹල පිඹල නිමන්නෙ නෑ. හැන්දකින් කලතල තමයි නිමාගන්න ඔිනි.
08. අාම්පන්න ටික : [පින්තූරය]
09. එක් එක් අාහාරයට වෙන වෙනම අාම්පන්න : [පින්තූරය]

ඔය කිවුවෙ ප්‍රධානම ටිකක්, තවත් දේවල් පහුකාලීනව දෙන්නං.

මාත් දාසක් තරු පහේ හෝටලේකිං කකා හිටියෙ, වැඩක් නෑ බාත්රූම් එකට ගිය වෙලේ මට අැහැරුණා.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X