Thursday 12 July 2018

නින්දෙන් ගොරවන එක නවත්ව ගන්නම බෑද?

සමහරු නිකං ජොලියට නින්දක් දැම්මත් එ්ක දානව මාරාන්තික විදිහට, හතර වටේ ඉන්න උං ගැස්සිලා විසික් වෙන්න. කෙනෙක් නොදැනුවත්වම වෙන දෙයක්නෙ මේ නින්දෙන් ගොරවන එක. හැබැයි ඉතිං විලි ලැජ්ජ් වෙන්න ඔිනි කාරණාවක් ඔික. අැයි යකෝ අැහෙන, දකින කෙනාට පට්ට අසික්කිතයිනෙ ඔය වැඩේ. මෙහෙම වෙන්න හේතුව තමයි දිව ගිලෙන එක. දිව එළියෙ දාගෙන ගොරවන උං දැකල තියෙනවද(මං කිව්වෙ මිනිස්සු) නෑනෙ නෑනෙ. මේක නවත්තන්නෝනි නම් මම පහළ දීල තියෙන කරුණු ගැන සැළකිල්ලක් දක්වන්නකෝ. එ් ටික කාලයක් පිලිපැද්දොත් නිකම්ම ගෙරවිල්ල නැතිකරගත්තැහැකි.

01. උඩ බලාගෙන නිදියන්නෙපා. පැත්තකට හැරිල නිදියන්න.
02. කොට්ටෙ තියෙන හරියෙ මෙට්ටෙට යටින් අඟල් 5ක විතර අාධාරක කූඥ්ඤයක් තියන්න හැඩේට එසවෙන විදිහට.
03. රෑට බඩ පැලෙනකම් කන්න එපා.
04. අැඟේ තරබාරුකමත් නින්දෙන් ගෙරවීමට බලපානව.
05. නිදාගන්න කලින් කිරි වගෙ දේවල් බොන්න එපා.
06. නින්දට පෙර පොඩි දුමක් දාන්න. මං කිව්වෙ වතුර එකක් උණු කරල හොඳට දුම් අල්ලන්න කියල.
07. අැල්කොහොල් දුම්වැටි භාවිතය නම් හොඳම නෑ.
08. අා හොඳට පිම්බිලා තියෙන නැවුම් කොට්ටයක් භාවිතා කරන්න. (රොටිය වගෙ වෙච්චා හරියන්නෑ).

සමහරු ගොරවනකොට නිකං අර කුඹුරු මඩ කරන්න ගන්න සතෙක් ඉන්නෙ මොකෙක්ද? නම මතක නෑනෙ...?? අන්න එ් වගෙ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X