Wednesday 11 July 2018

යූටියුබ් වලින් දැනෙන ගානක් හම්බෙනවාද?

සරලවම කිවුවොත් ඔයා වීඩියෝ එකක් කරල යූටියුබ් දාපු පලියට ගූග්ල් සමාගමට ඔයාට සල්ලි ගෙවන්න පිස්සු නෑ. කවුරුත් දන්නව යූටියුබ් එකේ වීඩියෝ එකක් බලන කොට අැඩ් කොච්චර එනවද කියල. අැඩ් බ්ලොකර් ගහගෙන ඉන්න අයට මේව පේන්නෑ. ඉතිං වීඩියෝ එකේ වීව්ස් ගානකට මෙච්චරක් හම්බෙනව කියල කියන්න අමාරුයි. වීඩියෝ එක බලන ගානට නෙවෙයි සල්ලි හම්බෙන්නෙ අැඩ් බලන ගානට. මෙයාලගෙ ප්‍රධානම අැඩ් ක්‍රම 2ක් තියෙනව Cost Per Click(CPC) හා Cost Per View (CPV) කියල. මේකෙන් CPV කියන්නෙ වීඩියෝ එකට කලින් එන වීඩියෝ අැඩ් වලට, එ් අැඩ් එකක් තත්පර 30ට වඩා බැලුවොත් විතරයි සල්ලි හම්බෙන්නෙ. නැත්තං හුප්Pay. CPC කියන්නෙ ක්ලික් කරන්න තියෙන අැඩ්. අැඩ් එක බලන කෙනාගෙ රටට අනුවත් ගෙවන මුදල වෙනස් වෙනව. ලංකාව එහෙම ඉන්නෙ හද්දා අඩියෙ. වීඩියෝ එකක් මිලියන 100ක් වීව්ස් තිබ්බත් වැඩක් නෑ එ්කෙ තියෙන අැඩ් කවුරුත් බලල නැත්නම්, කවුරුත් අැඩ් ක්ලික් කරල නැත්නම්. හැබැයි එහෙම වෙන්නෙ නෑ. අැඩ් බලන අය හැමතැනම. මෙහෙම එකක් තියෙනව කොහොමහරි හොඳට ජනප්‍රිය උනොත් වීඩියෝ එක අැතුලෙ අපේම අැඩ් දාගන්නත් පුලුවන් හරියට වස්ති Production එක කප්රුක ලගෙ අැඩ් දානව වගෙ. අා කියන්න අමතක උනා ගූග්ල් එක ඔයාලා හොයන අාදායමෙන් 45%ක් තියාගන්නවා. ඔයාට 55%යි. මොකද උනුත් ජීවත් වෙන්නෙපෑ. ඉතිං අැඩ් වීව්ස් 1000කට ඩොලර් 1ත් 5ත් අතර ගානක් ඔයාට නිසැකවම හොයාගන්න පුලුවන්.

මොකක් කලත් මුල් කාලෙ දන්ඩ දඩාර කට්ටක්නං කන්නම වෙනව

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X