Saturday, 30 June 2018

ගාපං තව ගාපං පුලුවන්නං ජෙල් කාපං

ගාන්න එපා කියනව නෙවෙයි මිත්‍රයා. නිතර ගාන එකෙන් වලකින්න. මොකද හෙයා ජෙල් කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. පළමු කාරණාව - කොන්ඩෙට යම්කිසි තෙතමනයක් තියෙන්න ඔිනි, එ්ක ජෙල් වලින් නැති වෙන එක අහන්න දෙයක්යෑ. එ්වගේම කෙස් පැටලෙන ගතිය පට්ටෙටම වැඩි වෙනවා. දෙක එ්කිවුවෙ දෙවනි කාරණාව - කෙස් නැතිවීම(තට්ට හිස), අනිවාරෙං පුරුද්දක් විදිහට ජෙල් ගානවනං කාලයක් යද්දි මේක වෙනවමයි. තුන - හිස්හොරි, ලොවෙත් වෙන්නෙපෑ මේකනං. මොකද ජෙල් වලින් හිස දඩ විදිහට දඩාර විදිහට වේලෙනවනෙ, ඉතිං හිස්හොරි හැදෙනව. හතර - වර්ණය, ටික කාලයක් යද්දි අර ලස්සනට කලු පාටට තිබුණු කොන්ඩෙ දුඹුරු පාට වෙලා කෙස් ගස් තැනින් තැන කැඩෙන්න ගන්නව. අත්දැකීමෙං කියන්නේ. විශේෂ අවස්ථා වලදි විතරක් ජෙල් පාවිච්චි කරනවනං තමා හොඳ. නැත්තං ගෙදර අාපු ගමං ඔක්කොටම කලින් ඔලුව හොඳට හොදල දාන්න, එ්කෙන් යම්කිසි පාලනයක් කරගන්න පුලුවන් වෙයි.

පොල්තෙල් තරං බ්‍රෑන්ඩ් එකක් අාවෙ නෑ බොක්ක, එ්ක පහරක්

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X