Wednesday, 10 July 2019

ස්මාර්ට් ෆෝන් එක චාර්ජ් වෙනව ස්ලෝද?

සමහරක් විට බැටරියෙ කේස් එකක් වෙන්නත් පුලුවන්. ඒත් සීල් කරපු ෆෝන් වල එහෙම වෙනව සෑහෙන්න දුරට අඩුයි. ගොඩක් දුරට එන ප්‍රශ්නයක් තමයි මේ චාජර් සීන් එක. ෆෝන් එකට හම්බෙන ඔරිජිනල් චාජරේ මොකක්හරි උනහම අපි වෙන චාජරයක් ගන්නව. හැබැයි එහෙම ගන්නකොට දැනුවත් වෙන්ඩෝන යමක් තියෙනව. දැන් තියෙන ගොඩක් ස්මාර්ට් ෆෝන් වලට චාර්ජ් වෙන්න ටිකක් වැඩිපුර ඇම්පියර් ධාරිතාවක් ඕනි වෙනව. මේක දැනගන්න ඔයාගෙ ෆෝන් එකට අදාල ඇම්පියර් ගනන ගූග්ල් සර්ච් කරල හොයාගන්නත් පුලුවන්. නැත්නම් පරණ චාජරේ Output කියන පේලියෙ දාල තියෙන A ධාරිතාවය බලාගන්න. ඊට සමාන හරි පොඩ්ඩක් වැඩිපුර හරි තියෙන චාජරේකිං චාජ් කලොත් තමා ඉක්මනට චාජ් කරගන්න වෙන්නේ. අඩු ඇම්පියර් ධාරිතාවක් තියෙන චාජරයක් නම් වැඩේ කරගන්න සෑහෙන්න වෙලා යයි.

ඉබ්බට වෙඩි තිබ්බත් යන්නෙ හෙමින් වගෙ සමහර ෆෝන් හදන්නම බෑ

Saturday, 6 July 2019

අපි ටයිපින්(ApiTyping) - සිංහල ටයිප් සෙටින් කණ්ඩායම

සිංහල ටයිප් සෙටින් වැඩක් කරගන්න ගියොත් ඉතිං කොමියුනිකේෂන් වල එහෙම පට්ට ගනන් ගන්නවනෙ. අනික උංගෙ රෙස්පොට් එකත් බලන්නෙපෑ යහමිං. ඒකට විසඳුමක් දැං ඔන්න අන්තර්ජාලය හරහා කරගෙන යනව. දැනට ආරම්භක මට්ටමේ පවතින මෙම සේවය ගොඩක් අයට වැදගත් සේවයක් වෙයි ඉදිරියට. මෙයින් කෙරෙන්නේ සිංහල ටයිප් සෙටින් වැඩ. අයකරන මුදලත් පිටුවකට රුපියල් 40ක් වගෙ මුදලක්. සමහර විට පිටු ගණන වැඩි වෙන කොට ඩිස්කවුන්ට් එහෙමත් හම්බවෙයි. මෙහිදී ටයිප් කරගැනීමට අවශ්‍ය පිටු ටික ස්කෑන් කරල හරි පොටෝ විදිහට ගහල හරි Email හරහා ලබාදෙන්න පමණයි තියෙන්නේ. එයාල ටයිප් කරල ඉවරවෙලා දැනුම් දීමක් කරහම අදාල මුදල EasyCash හරහා ගෙවන්නයි තියෙන්නේ. ඊටපස්සෙ ටයිප් කල පිටු ටික ලබාගන්න පුලුවන්. හරිම සරලයි පහසුයි. පහල තිබෙන ලින්ක් හරහා ඔවුන්ව සම්බන්ධ කරගත හැකියි.

Website: http://apityping.1apps.com
Email: apityping@gmail.com
FB: https://www.facebook.com/ApiTyping


ඇඩ් එකක් නෙමෙයි මේක අපේම වැඩක්...

Wednesday, 3 July 2019

ගූගල්හි ප්‍රථම සමාජජාලය - Orkut

ලොව ප්‍රකට ගූග්ල් සමාගමේ ප්‍රථම සමාජ ජාලය නිර්මාණය වෙන්නෙ Orkut නමින්. ඒ Orkut Büyükkökten නම් තුර්කි පරිගණක විද්‍යාඥයෙකු විසින් 2004 ජනවාරි 24 දීය. මෙහි ප්‍රධාන අරමුණ වී තිබුනේ තම පැරණි මිතුරන් සමග ලඟින් සම්බන්ධතා පවත්වා ගැනීමයි. ලොව අංක එකේ සමාජජාලය වන Facebook අඩවියත් අන්තර්ජාලයට මුදාහරින්නේ Orkut අඩවියට දින 10කට පසුවයි. 2008 දී ඉන්දියාව සහ බ්‍රසීලය තුල වැඩිම පිරිසක් පැමිණෙන වෙබ් අඩවිය බවටත් Orkut තමා පත් වෙලා තියෙන්නේ. කොහොම උනත් ෆේස්බුක් වල තරඟකාරී බවත් එක්ක ලෝකය තුල මහලොකු තැනක් Orkut අඩවියට ගන්න බැරිවෙනව. ඔය ඒ මේ අස්සෙ ගූග්ල් සමාගම 2011දී ෆේස්බුක් සමාජජාලයට සමාන ලෙස(ගේමට වගෙ) Google+ සමාජ ජාලය නිර්මාණය කරනව. Orkut අඩවියට පුරුදු උන පිරිස රැඳී සිටියත් නව පිරිස් නොපැමිණීම නිසාත් Google+ තිබෙන නිසාත් ගූග්ල් සමාගම විසින් 2014 සැප්තැම්බර් 30 නිවේදනයක් නිකුත් කරමින් Orkut අඩවිය නවතා දමනව.

Orkut screenshot: Show

අපිට දැං ඔර්කුට් නෑ!

Tuesday, 2 July 2019

ශ්‍රී ලංකා අවම බලය යනු

ශ්‍රී ලංකාවෙදි පොලිස් නිළධාරියෙකුට සැකකරුවෙක් හෝ වැරදිකරුවෙක්ට දණින් පහතට වෙඩිතියන්න පුලුවන්ද? ඔව් පුලුවන්. හැබැයි ඒක හැම වෙලේම කරන්න බෑ. පොලිස් නිළධාරියෙක් යම් සැකකරුවෙක් හෝ වැරදිකරුවෙක් අල්ලන්න ගියා කියමුකෝ, එතකොට ඔන්න අර ඩයල් එක දුවනව. පොලිස් මාමට දුවන්න බැරුව අල්ලගන්න බැරි උනා කියල දණින් පහතට වෙඩිතියන්න එහෙම බෑ. කොහොම හරි දුවල ගිහිං තමා අල්ලගන්න ඕනි. ඊළඟට සැකකරු පොලිස් නිළධාරියා එක්ක පොරබැදුව කියමුකො. පොලිස් මාමට අම්බානෙකට නෙලනව, හැබැයි ආයුධ නැතුව. එහෙම වෙලාවකත් කිසිම විදිහකට වෙඩි තියන්න බෑ. මොකද පොලිස් නිළධාරියෙක් කියන්නෙ යම් කිසි සැලකිය යුතු මට්ටමකට පුහුණුවක් ලබපු කෙනෙක්. හැබැයි සැකකරුවෙක් හෝ යමෙක් පොලිස් නිලධාරීන්ට ආයුධ භාවිතා කරල වෙඩිතැබීම් වැනි දෙයකින් සටන් කලොත් ඔන්න ඒ අවස්ථාවෙදි තමා දණින් පහතට වෙඩි තියල අර පුද්ගලයාව මෙල්ල කරගන්න පුලුවන්. ඒකියන්නෙ විරුද්ධවාදියා යොදන බලයට සමාන බලයක් යොදල තමා මෙල්ල කරගන්න ඕනි. උසාවි නියෝග ගැනනං සතපහක දෙයක් දන්නෑ ඕං...
උපුටා ගැනීම :- යම්කිසි මාධ්‍යයක පළවූ යම්කිසි වැඩසටහනකින්ය.

සර් අවමබලය පාවිච්චි කරල තියමුද ඔලුව කුඩුවෙලා යන්න

Monday, 1 July 2019

නරියා සහ වෘකයා අතර වෙනස්කම්

ටීන් වුල්ෆ් බලබල ඉන්නකොට හිතුන මේ වර්ග දෙකේ වෙනස්කම් හොයන්නෝනි කියල. වෘකයින් සහ නරියන් අයත් වන වංශය කැනීඩා වංශය වන අතර ඊට වර්ග 34ක් ඉන්නවලු. මං මේ ලඟක් වෙනකම් හිතං හිටියෙ, නම් දෙකම කියන්නෙ එකම සතාට කියල.

01. වෘකයා ප්‍රමාණයෙන් බර කිලෝ 150කට ආසන්න සහ උස අඩි 3කට ආසන්න උවත් නරියා ප්‍රමාණයෙන් බර කිලෝ 30කට ආසන්න වන අතර උස අඩි 1.5කට ආසන්න වේ.
02. වෘකයින් රංචු වශයෙන් ජීවත්වීමට කැමැත්තක් දක්වන අතර වෘක රැළක 6-10 අතර ප්‍රමාණයක් සිටියි. නරියා රංචු වශයෙන් ගැවසීමට අකමැති නමුත් නරියාද දෙතුන් දෙනෙකු එකට ගැවසෙන අවස්ථා ඇත.
03. වෘකයින් විශාල සතුන් ආහාරයට ගන්නා අතර නරියන් ඉතා කුඩා සතුන්, පළතුරු, කෘමීන් වැනි දෑ ආහාරයට ගනියි.
04. වෘකයින් මිනීමස් ආහාරයට ගන්නා අතර නරියන් එසේ නොකරයි.
05. වෘක පැටවුන් බලු පැටවුන්ගේ පෙනුම ඇති අතර නරි පැටවුන් පූස් පැටවුන්ට සමාන පෙනුමක් ගනියි.

Tuesday, 25 June 2019

කණාමැදිරියෝ ගැන නොදත් දේ

කතාවක් හෙම නෙමෙයි ඈ. කණාමැදිරියන් ගැන ෆැක්ට්ස් වගයක් තමයි මේ දෙන්න යන්නේ. මිනිසා බල්බය නිපදවීමට හේතු උන කණාමැදිරියා ගැනත් පොඩ්ඩක් හොයල බලන්න හිතුනා. තව කාරණයක් තමයි විද්‍යාඥයින් ගිණිකූරු සොයාගැනීමටත් කණාමැදිරියා හේතුවක් උනාලු.

01. ලොව තුල කණාමැදිරි විශේෂ 2000කට වැඩි ප්‍රමාණයක් සිටියි.
02. පිරිමි සතුන් විසින් ගැහැණු සතුන්ගේ ආකර්ශනය ලබා ගැනීම සඳහා බැබලීම සිදුකරයි.
03. එක එක කණාමැදිරියාට තමාට ආවේනික බැබළීමේ ක්‍රමයක් ඇත.
04. පිරිමි සතාගේ බැබළීමේ ක්‍රමයට ගැහැණු සතා ආකර්ශණය උවහොත් ඇයද එම ආකාරයෙන්ම බැබළීම සිදුකරයි.
05. ඔවුන්ගේ ආලෝකයේ වර්ණය කොළ, කහ හෝ තැඹිලි විය හැක.
06. බහුතරයක් මාංශ භක්ශක වන අතර ඔවුන් දළඹු පිලව් සහ ගොළුබෙලි යුශ උරාබොයි.

බ්‍රෝත් මං වගෙ පොඩි කාලෙ කණාමැදිරියො බෝතලේකට එකතුකරල ලස්සන බලල ඇති.

Monday, 24 June 2019

2018දී ඇමරිකාවේ නාසා ආයතනය හැක් උනාද?

සරලවම ඔව්!. ඒ හැක් උනේ නාසා ආයතනයේ ජෙට් යානා ප්‍රචාලන පර්යේශනාගාරයේ(Jet Propulsion Laboratory) ජාලය වන අතර ඒ හැකර් කරුවකු විසින් රාස්බෙරි පයි වර්ගයේ පරිගණකයක් භාවිතයෙනි. මෙම පරිගණක වෙළඳපල තුල ඉතා සුළු මිලකට($36 වැනි) ගත හැකි වන අතර ප්‍රමාණය ක්‍රෙඩිට් කාඩ් එකකට වඩා සුළු ප්‍රමාණයක් විශාලය. මෙම සිදුවීම 2018 අප්‍රේල් මාසයේදී සිදු උවත් එය නාසා ආයතනය මගින් හෙලි කරනු ලැබුවේ මීට දින කිහිපයකට පෙරය. මෙහිදී නාසා ආයතනය සතුව තිබූ ගොණු 23ක මෙගාබයිට්ස් 500ක පමණ දත්ත හා තොරතුරු සොරකම් කර ඇති බවට තමයි සඳහන් වෙන්නේ.

කිව්වෙ නැති උනාට මමත් වතාවක් Photoshop වලින් නාසා හැක් කලා.

අසිත යොමාල්ගේ ටකබුං

X